“අපි රටේ බලය ලබා ගැනීමට අරගල කරනවා. අනිත් අය පක්ෂ ඇතුළේ බලය රැක ගැනීමට අරගල කරනවා” ටිල්වින්

ජාතික ජන බලවේගය රටේ බලය ලබා ගැනීමට අරගල කරද්දී අනෙකුත් ප්‍රධාන පක්ෂ පක්ෂය තුළ බලය රැක ගැනීමට අරගල කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ඔහු මේ අදහස් ප්‍රකාශ කළේ පොළොන්නරුවේ දී පැවති 53 වැනි අප්‍රේල් විරු සැමරුම අතරතුර දීය.

ජරාජීර්ණ සමාජයක් වෙනුවට යහපත්, සාධාරණ සමාජයක් ගොඩ නැඟීමට සහෝදරත්වය, සාමූහිකත්වය තිබෙන මනුෂ්‍යත්වයෙන් පිරි සමාජයක් ගොඩ නැඟීමට 1971 අප්‍රේල් විරුවන් ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළ බවත් ගල් පර්වතයක් අස්වැද්දීම සඳහා වුව ද අධිෂ්ඨානය ලැබී ඇත්තේ ඔවුන්ගෙන් බව ඔහු මෙහි දී සඳහන් කළේය.

ඔවුන්ගේ හීනයට පණ දෙන මොහොත වසර 53 කට පසුව උදා වී ඇති අතර එළැඹෙන ජනාධිපතිවරණයේ දී මාළිමාවේ ජයග්‍රගණය ස්ථිර බව ද ඔහු මෙහි දී අවධාරණය කළේය.

“මහින්ද රාජපක්ෂලාගේ දේශපාලන කඳවුර ඇතුළු මේ පාලකයන් ජනතාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉස්සර මහ මැතිවරණයක් පවත්වන්න සාකච්ඡා කළේ රාජපක්ෂලාට ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කරන්න අපේක්ෂකයෙක් නැති නිසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මේ වෙනකොට පක්ෂයේ බලය ලබාගන්න සටන් කරනවා. අපි රටේ බලය ලබාගන්න අරගල කරනවා. ඩලස් අලහප්පෙරුම එක්ක අයින් වුණු කණ්ඩායම බෙදී කොටසක් ස.ජ.බ. එක්ක ගියා. මේ නිසා අවුල් වුණු ස.ජ.බෙ. තව කොටසක් කැඩිලා එක්සත් ජාතික පක්ෂයට යන්න සූදානම් වෙනවා.

රට ආර්ථික වශයෙන් කඩා වැටීම විතරක් නොවෙයි, මේ දක්වා පාලනය කළ පිරිස්වලට බරපතළ දේශපාලන අර්බුදයකුත් නිර්මාණය වී තිබෙනවා. ඒ අතර අපිත් බලය ගන්න ජනතාව සංවිධානය කරමින් යනවා. එළඹෙන ජනාධිපතිවරණයෙන් ස්ථිර ලෙසම මාලිමාව ජයග්‍රහණය කිරීමට කටයුතු කරනවා.”

මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් වී තිබෙන අනුර- සජිත් විවාදය පිළිබඳ අදහස් දක්වමින්

“ජනාධිපතිවණයකදී වැදගත් වෙන්නේ අපේක්ෂකයන් හැටියට ඉදිරිපත් වෙන පක්ෂ නායකයන් නිසා අපේ පක්ෂයේ නායක අනුර දිසානායක සහෝදරයා සමග ඒ ගොල්ලන්ගේ නායක සජිත් ප්‍රේමදාස මහත්තයට විවාදයකට එන්න කියලා අපි කියලා තිබෙන්නේ.

දැන් ඒ අය ඊට කලින් අනෙක් අය කරන එක හොඳ නැද්ද කියා අහනවා. රූපවාහිනී නාලිකාත් ඒකට ලැහැස්ති වෙනවා. සජිත් ප්‍රේමදාස තනියෙන් මොනවා හරි කීවොත් ඇරෙන්න රූපවාහිනී සංවාදවලට ඇවිත් නැහැ. සජිත් ප්‍රේමදාස විවාදයකට එනවා නම් අපි සතුටුයි.” යනුවෙන් වැඩිදුරටත් පැවසීය.

Latest News

More like this

සාරා ජීවතුන් අතර බවට ප්‍රබල සැකයක්… පිල්ලෙයාන් ප්‍රහාරය කලින්ම දැන සිටියා.. පාස්කු පරීක්ෂණ අලුත් වෙන හැටි මෙන්න

හිටපු රාජ්‍ය අමා­ත්‍ය­ව­ර­යකු මෙන්ම ටී.එම්.වී.පී. සංවි­ධා­නයේ නායක සහ නැඟෙ­න­හිර...

ඇමරිකාව ශ්‍රී ලංකාවට 30%ක තීරුබදු පනවයි

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අන්‍යොන්‍ය තීරුබදුවලදී ශ්‍රී ලංකාවට...

විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න්ගේ දියණිය ඇප මත මුදා හැරේ..

අල්ලස් කොමිසමේ නිලධාරීන්ට තර්ජනය කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන...

දේශීය ආදායම කඩිනමින් ඩිජිටල් කරන්න.. ජනපතිගෙන් නියෝගයක්

රටේ බදු පදනම පුළුල් කිරීමටත්, බදු ගෙවීමේ ක්‍රියාවලිය මහජනතාවට...
error: Content is protected !!