අරගල ක්‍රියාකාරීන්ගේ නම් සමාජ ජාලවල.. අවධානයෙන් සිටින්නයි දැනුම් දෙයි

රට තුළ අතිශය අනතුරුදායක තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බවත්, ඊයේ(10) දිනයේ කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න විසින් සංවිධානාත්මක කණ්ඩායමක් සමග එක්ව පියත් නිකේෂලට මැර ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් මේ වන විට මැර ප්‍රහාරයට ලක් වූ සහ මැර ප්‍රහාරය එල්ල කළ දෙපළම අත්අඩංගුවට ගෙන් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමාජ මාධ්‍ය තුළ අරගලයේ නිරතවූවන්ගේ නම් ලයිස්තුවක් බෙදා හැරෙන බවත් ඔවුන්ට පරිස්සමින් සිටින ලෙස විවිධ ප්‍රචාර යන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ජන අරගලයට සම්බන්ධ සියලු දෙනා මැර ප්‍රහාරවලට හා ජීවිත තර්ජනවලට ලක් වී ඇති බවත් ය.

එසේ ම වත්මන් ජනාධිපතිවරයා පවා අරගලයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස බලයට පැමිණි අයකු බැවින් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ඊයේ සිදුවූ මේ ප්‍රහාරය අරගලයේ නිරත පිරිසට එල්ල කරන ප්‍රහාර මාලාවේ එක් පියවරක් බවත් ය. එබැවින් සාමකාමී අරගලයක නිරත පිරිසගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් රජය මැදිහත් විය යුතු බව විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ පැවැති විවාදයකට එක් වෙමිනි.

– Media unit

Latest News

More like this

අමෙරිකාවේ වෙනිසියුලා ආක්‍රමණය ගැන ජවිපෙ ස්ථාවරය වෙනයි… අපේ ස්ථාවරය වෙනයි… රජයේ ස්ථාවරය ගැන විජිත කියයි

අමෙරිකා එක්සත් ජනපදය වෙනිසියුලාවට එරෙහිව දියත් කළ හමුදා කුමන්ත්‍රණය...

වැලිගම බිකිණි හැඳ ගත් විදේශ සංචාරකයින් අක්‍රම්ට අකැපද..?

දකුණු පළාතේ වැලිගම යනු විදෙස් සංචාරකයින්ගේ පාරාදීසයකි. දීර්ඝ කාලයක්...

අමෙරිකාව වෙනිසියුලාවේ බලය අල්ලයි.. පැහැරගත් ජනාධිපති මධුරෝ සහ බිරිඳ නිව්යෝර්ක් සිර ගෙදරට

අමෙරිකා එක්සත් ජනපදය විසින් සිදු කරනු ලැබූ මහා පරිමාණ...

විමුක්ති ගැන පළමු වරට හිටපු ජනපතිනියගෙන් ඉඟියක්..

2029 ජනපතිවරණයට මෙරට ප්‍රබල දේශපාලන පවුල් පසුබිමකින් පැවත එන...