අර්බුද රැසක් මධ්‍යයේ ඉරාන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට

ඉරාන ජනාධිපති ඊබ්‍රාහි රයිසි (Ebrahim Raisi) ටෙහෙරානයේ ආධාර යටතේ නිමවූ ඩොලර් මිලියන 529 ක් වටිනා මෙගාවොට් 120 ක ජල විදුලි උත්පාදන ධාරිතාවකින් යුත් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීම හා එක්දින නිල සංචාරයක් සඳහා අප්‍රේල් 24 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව නිල ආරංචි මාර්ග පවසනවා.

ජනාධිපති රයිසිගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ ප්‍රකාශය පැමිණෙන්නේ පුළුල් කලාපීය ගැටුමක් දක්වා ඉස්මතු වූ ඊශ්‍රායලය වෙත ඩ්‍රෝන මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර දින දෙකකට පසුවයි.

කොළඹ ඉරාන තානාපති කාර්යාලය ජනපති රයිසි උමා ඔය විවෘත කිරීම සඳහා එක් වනු ඇති බව ප්‍රකාශ කර ඇති අතර ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය ද එය තතහවුරු කර තිබෙනවා.

2008 අප්‍රේල් මාසයේදී එවකට ජනාධිපති මහමුද් අහමදිනෙජාඩ්ගේ සංචාරයෙන් පසු ඉරාන ජනාධිපතිවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු අවස්ථාව මෙයයි.

උමා ඔය ව්‍යාපෘතිය මුලින් නිම කිරීමට නියමිතව තිබුණේ 2015 වසරේදී වන අතර, එක්සත් ජනපදය ඉරානයට ආර්ථික සම්බාධක පැනවීමෙන් පසු සහ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් ව්‍යාපෘති චක්‍රයේ මුහුණ දුන් අනපේක්ෂිත තත්ත්ව සහ අරමුදල් ප්‍රශ්නය හේතුවෙන් කිහිප වතාවක්ම එය ප්‍රමාද කිරීමට සිදු වුණා.

ව්‍යාපෘතිය 2010 දී ආරම්භ කරන ලද අතර ඉරාන රජයෙන් ණය ආධාර වශයෙන් අරමුදල් ලැබීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත්, සම්බාධක පැනවීමට පෙර ඉරානය ඩොලර් මිලියන 50 ක් ලබා දීමට සමත් වූ අතර සම්බාධකවලින් පසු එහි වියදම දැරීමට සිදු වුණේ ශ්‍රී ලංකාවටයි.

කිලෝමීටර් 23 ක උමං මාර්ගයක් හරහා පොළව යට පිහිටි ටර්බයින දෙකක් දක්වා ජලය ගෙන ඒම, වේලි සහිත ජලාශ දෙකක ජලය ගබඩා කිරීම සහ මෙගාවොට් 120 ක ධාරිතාවකින් යුත් ජල විදුලිය උත්පාදනය කර ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම මෙම ව්‍යාපෘතියට ඇතුළත් වෙනවා.

Latest News

More like this

6 ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලය සමලිංගික කිරීමේ වගකීම කාගේද?

රජය විසින් හඳුන්වා දෙනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ...

අනුර සහ පැලවත්ත ජවිපෙ මූලස්ථානය අතර සීතල යුද්ධයක්..

ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය අතර සීතල...

ඇමති ජනමාධ්‍ය වලට එරෙහිව පිහිය මුවාත් තබයි…

මහජන සෞඛ්‍යයට අදාළ හානි දායක පුවත් වාර්තා කළහොත් අනිවාර්යයෙන්...

මේ රටට ඕන දරුණු ඒකාධිපති කාරුණික පාලකයෙක්.. මම ජනපති සටනට එනවා.. සමන්ත භද්‍ර හිමි

රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට නායකත්වය දීමට තමන් කැමති...