අලි සබ්රි රහීම් පාර්ලිමේන්තුවෙන් නෙරපීමට යෝජනාවක්..

නීතිවිරෝධී රත්‍රං සහ ජංගම දුරකථන සමඟ කටුනායක ගුවන් තොටුපළේදී රේගු අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා පාර්ලිමේන්තුවෙන් නෙරපීම සම්බන්ධයෙන් යෝජනාවක් පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා වූ බව වාර්තා වේ.

එහිදී රහීම් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් මතුව ඇති ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා වූ අතර, සියලු මන්ත්‍රීවරුන් අපකීර්තියට පත් කළ බවට විශ්වාස කරන අතර මන්ත්‍රීවරයාට එරෙහිව පියවර ගැනීමට තීරණය කළ බවයි පක්ෂ නායක රැස්වීමට පැමිණි මන්ත්‍රීවරුන් මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ.

“රහීම් මන්ත්‍රීවරයාට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු බවට පක්ෂ නායකයන් තීරණය කළ අතර හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා මන්ත්‍රීවරයා නෙරපා හැරිය හැකි බවට මතයේ සිටියා. ඒ නිසා අපි තීරණය කළා රහීම් මන්ත්‍රීවරයාට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්න කියලා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරන්න යෝජනාවක් ගේන්න ඕන කියලා.” යැයි පක්ෂ නායක රැස්වීමට සහභාගි වූ මන්ත්‍රීවරයෙක් පැවසීය.

“මන්ත‍්‍රී රහීම්ට එරෙහිව ක‍්‍රියාමාර්ග ගත යුතු බවත් ඔහු නෙරපා හැරිය යුතු බවත් තීරණය කළා,” ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරයෙක් පැවසීය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ඩැනියෙල් මහතා දිවංගත ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ කාලයේ බලයෙන් පහ කළ ආකාරයටම දූෂණ චෝදනා මත මන්ත්‍රීවරයකු ද නෙරපා හැරීමේ පූර්වාදර්ශයක් තිබෙන බව මන්ත්‍රීවරු පවසති.

Latest News

More like this

විමුක්ති ගැන පළමු වරට හිටපු ජනපතිනියගෙන් ඉඟියක්..

2029 ජනපතිවරණයට මෙරට ප්‍රබල දේශපාලන පවුල් පසුබිමකින් පැවත එන...

6 ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලය සමලිංගික කිරීමේ වගකීම කාගේද?

රජය විසින් හඳුන්වා දෙනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ...

අනුර සහ පැලවත්ත ජවිපෙ මූලස්ථානය අතර සීතල යුද්ධයක්..

ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය අතර සීතල...

ඇමති ජනමාධ්‍ය වලට එරෙහිව පිහිය මුවාත් තබයි…

මහජන සෞඛ්‍යයට අදාළ හානි දායක පුවත් වාර්තා කළහොත් අනිවාර්යයෙන්...