ඉන්දියාවේ කණස්සල්ල දුරු කරමින් ශ්‍රි ලංකා මුහුදු කලාපයට ඇතුළුවන නෞකා සහ ගුවන් යානාවලට අලුත් නීති

නාවික ගමනාගමනය සඳහා ප්‍රධාන නැවතුම් පළක් සහ මුහුදු සීමාවේ ක්‍රියාකාරකම් සිදු කිරීමේදී විදේශීය නැව් හෝ ගුවන් යානා අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ සංශෝධනය කරන ශ්‍රී ලංකවේ සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටිය (SPO) ළඟදීම එළිදක්වනු ඇතැයි ඉහළ ආරංචි මාර්ග පවසයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව පැවති සාගර ජාතීන්ගේ තුන්වන වාර්ෂික ඉන්දු පැසිෆික් දූපත් සංවාදයේදී සිය ප්‍රකාශය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එය ප්‍රථම වරට ප්‍රකාශයට පත් කර ඇත.

අනෙකුත් රටවල් කණ්සල්ලට පත් වුව ද ඔත්තු බැලීමේ යාත්‍රාවන් සඳහා ශ්‍රී ලංකාවේ අවකාශය නොමැති බව ඔහු මෙහි දී අවධාරණය කරනු ලැබුවේය.

මෙම නව ක්‍රියාපටිපාටිය මේ වන විට සංවර්ධන කරමින් පවතින අතර එය මහජනතාවට දැන ගැනීම සඳහා ඉක්මනින් එළිදක්වන බව වාර්තා වේ.

එය ශ්‍රී ලංකා භූමිය තුළ අවසර දී ඇති යාත්‍රා සහ ගුවන් යානා වර්ග, රට තුළ රැඳී සිටිය යුතු දින ගණන සහ සිදු කිරීමට අවසර දී ඇති ක්‍රියාකාරකම් වර්ග කිරීමක් සිදු කරයි.

සමහර බලවතුන්, විශේෂයෙන්ම ඉන්දියාව, ශ්‍රී ලංකා මුහුදේ චීන පර්යේෂණ සහ හමුදා යාත්‍රා පැමිණීම පිළිබඳව කණස්සල්ල පළ කිරීමෙන් පසුව මෙම නව ක්‍රියා පටිපාටිය සකස් කරන අතර ඊට ඉන්දියාව විසින් යෝජනා කරන ලද සංශෝධන ද ඇතුළත් කර ඇත.

චීන පර්යේෂණ යාත්‍රා දෙකක් Shi Yan 6 සහ Xiang Yang Hong 03 මේ වසරේ ඔක්තෝම්බර් මාසයේදී සහ ලබන වසරේ ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කෙරේ.

එය චීන විද්‍යා ඇකඩමිය සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) විසින් අත්සන් කරන ලද ගිවිසුමක කොටසකි.

Latest News

More like this

විමුක්ති ගැන පළමු වරට හිටපු ජනපතිනියගෙන් ඉඟියක්..

2029 ජනපතිවරණයට මෙරට ප්‍රබල දේශපාලන පවුල් පසුබිමකින් පැවත එන...

6 ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලය සමලිංගික කිරීමේ වගකීම කාගේද?

රජය විසින් හඳුන්වා දෙනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ...

අනුර සහ පැලවත්ත ජවිපෙ මූලස්ථානය අතර සීතල යුද්ධයක්..

ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය අතර සීතල...

ඇමති ජනමාධ්‍ය වලට එරෙහිව පිහිය මුවාත් තබයි…

මහජන සෞඛ්‍යයට අදාළ හානි දායක පුවත් වාර්තා කළහොත් අනිවාර්යයෙන්...