එදා මංගල‌ කියූ දේ කළා නම් අද මෙහෙම වෙන්නේ නෑ.. – සජබය

2019 වසරේ මුදල් අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර ඉදිරිපත් කළ බදු ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවන්නැයි

සමඟි ජන බලවේගය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

වෘත්තීය සමිති රැසක් ඊයේ ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය සම්බන්ධයෙන් ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කරමින් සමගි ජනබලවේගයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මේබව කියා සිටියේය.

අසාධාරණ බදු ප්‍රතිපත්තිය, විදුලි බිළ ඉහළ දැමීම ඇතුලු කරුණු වලට එරෙහිව වෘත්තිකයන් ගෙනයන වර්ජනය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විනාඩි පහෙන් පහට පුවත් නිකුත් කරමින් වර්ජනය අසාර්ථක බවට ප්‍රකාශ කිරීමට අසාර්ථක උත්සාහයක නිරත වූ බව ඔහු එහිදී සඳහන් කළේය.

වර්ජනය දින දුම්රිය, බස් ධාවනය, බැංකු විවෘත කර තැබීම ආදී සියලු දෑ සම්බන්ධයෙන් පුවත් පළකළ ජනාධිපති මාධ්‍ය අංශයට රටේ ජනතාව පත්ව ඇති අසරණභවය නොපෙනී ඇතැයිද මන්ත්‍රීවරයා පැවසීය.

ඩොලරය පහළ බසිද්දී පුවත් පළ කරන ජනාධිපති මාධ්‍ය අංශය ඩොළරය ඉහළ යාමේදී පුවත් පළ නොකළ බවත් ඔහු කියා සිටියේය.

රටේ මතුව ඇත්තේ ප්‍රචාරණය පිළිබඳ යුද්ධයක් නොවන බැවින් ජනතාවගේ සැබෑ ප්‍රශ්නය තේරුම් ගෙන කටයුතු කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බවත් මරික්කාර් මන්ත්‍රීවරයා කීවේය.

Latest News

More like this

6 ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලය සමලිංගික කිරීමේ වගකීම කාගේද?

රජය විසින් හඳුන්වා දෙනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ...

අනුර සහ පැලවත්ත ජවිපෙ මූලස්ථානය අතර සීතල යුද්ධයක්..

ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය අතර සීතල...

ඇමති ජනමාධ්‍ය වලට එරෙහිව පිහිය මුවාත් තබයි…

මහජන සෞඛ්‍යයට අදාළ හානි දායක පුවත් වාර්තා කළහොත් අනිවාර්යයෙන්...

මේ රටට ඕන දරුණු ඒකාධිපති කාරුණික පාලකයෙක්.. මම ජනපති සටනට එනවා.. සමන්ත භද්‍ර හිමි

රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට නායකත්වය දීමට තමන් කැමති...