කාසල් රෝහලේ දී විනාඩි දෙකක් තුළ සය නිවුන් දරු උපතක් සිදු වෙලා – දරුවන්ගේ ජීවිත බේරාගැනීමට වෛද්‍යවරු දැඩි සටනක

කොළඹ, කාසල් රෝහලෙන් පසුගිය ඉරිදා (15) සය නිවුන් දරු උපතක් වාර්තා වූ බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා පවසා තිබෙනවා.

ඔහු පැවසුවේ ළදරුවන් පස් දෙනෙකු කාන්තාවන් සඳහා වන කාසල් වීදියේ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ (NICU) සිටින අතර එක් බිළිඳෙකු ඉඩකඩ නොමැතිකම හේතුවෙන් ළමුන් සඳහා වන රිජ්වේ ආර්යා රෝහල (LRH) වෙත මාරු කර යැවූ බවයි.

“දරුවන්ට විශාල රැකවරණයක් අවශ්‍ය වන අතර, මෙම දරුවන් ජීවත් කිරීම විශාල අභියෝගයක්, නමුත් ළදරුවන්ට ප්‍රතිකාර කිරීමට අපට ප්‍රමාණවත් පහසුකම් තිබෙනවා”‍‍‍‍‍‍‍‍අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

“අම්මා අවුරුදු හයක් බබාලා නැතිව බෙහෙත් බීලා අන්තිමට හය දෙනෙක් ප්‍රසූත කළා” යැයි බිළිඳුන්ගේ මවගේ පවුලේ අය පවසා තිබෙනවා.

සිසේරියන් සැත්කමකින් පසු පසුගිය ඉරිදා අලුයම 12.16 ත් 12.18 ත් අතර කාලය තුළ ළදරුවන් හය දෙනාම උපත ලබා ඇති බවයි සඳහන් වෙන්නේ.

වෛද්‍ය වාර්තාවලට අනුව මව බිළිඳුන් පස් දෙනකු ප්‍රසූත කිරීමට සූදානම්ව සිටියත් ප්‍රසූතියේදී ඇගේ කුස තුළ දරුවන් හය දෙනෙක් සිටි බව අනාවරණය වී තිබෙනවා. ළදරුවන් හය දෙනාම අඩු බරින් යුතුව උපත ලබා ඇති බවයි සටහන් වී ඇත්තේ. උපතේදී ළදරුවන්ගේ බර ග්‍රෑම් 400 ත් 700 ත් අතර ප්‍රමාණයකි.

දරු ප්‍රසූතියෙන් පසු මව යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන නමුත් ළදරුවන් සිටින්නේ අසාධ්‍ය තත්ත්වයක බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ. ළදරුවන් රෝහලේ නව ජන්ම දැඩි සත්කාර ඒකකයේ (NICU) ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්. මෙම ළදරුවන්ට මව්කිරි දීම ආරම්භ කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසා තිබෙනවා.

Latest News

More like this

අමෙරිකාවේ වෙනිසියුලා ආක්‍රමණය ගැන ජවිපෙ ස්ථාවරය වෙනයි… අපේ ස්ථාවරය වෙනයි… රජයේ ස්ථාවරය ගැන විජිත කියයි

අමෙරිකා එක්සත් ජනපදය වෙනිසියුලාවට එරෙහිව දියත් කළ හමුදා කුමන්ත්‍රණය...

වැලිගම බිකිණි හැඳ ගත් විදේශ සංචාරකයින් අක්‍රම්ට අකැපද..?

දකුණු පළාතේ වැලිගම යනු විදෙස් සංචාරකයින්ගේ පාරාදීසයකි. දීර්ඝ කාලයක්...

අමෙරිකාව වෙනිසියුලාවේ බලය අල්ලයි.. පැහැරගත් ජනාධිපති මධුරෝ සහ බිරිඳ නිව්යෝර්ක් සිර ගෙදරට

අමෙරිකා එක්සත් ජනපදය විසින් සිදු කරනු ලැබූ මහා පරිමාණ...

විමුක්ති ගැන පළමු වරට හිටපු ජනපතිනියගෙන් ඉඟියක්..

2029 ජනපතිවරණයට මෙරට ප්‍රබල දේශපාලන පවුල් පසුබිමකින් පැවත එන...