චීන නෞකාවට පර්යේෂණ කිරීමට අවසර ලබා දීම පිළිබඳ ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් තවමත් ලැබී නැහැ – විදේශ අමාත්‍යාංශය

“Shi Yang 6” චීන නෞකාවට ශ්‍රී ලංකා මුහුදු තීරයේ කිසියම් පර්යේෂණයක් සිදු කිරීම සඳහා අවසර ලබා දීම පිළිබඳව තීරණය කිරීම සඳහා විදේශ අමාත්‍යාංශය ආරක්ෂක අමාත්‍යාංශයෙන් උපදෙස් බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ.

ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, රුහුණු විශ්වවිද්‍යාලය, සාගර විශ්වවිද්‍යාලය සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයේ (NARA) නියෝජිතයින් සඳහා පර්යේෂණ යාත්‍රාව පිළිබඳව දැනුවත් කිරීමේ සාකච්ඡාවක් ඊයේ (26) පැවැත්විණි.

නෞකාවේ පර්යේෂණ හැකියාවන් සහ එහි පහසුකම් පිළිබඳව මෙහි දී නියෝජිතයින් දැනුම්වත් කර ඇත. දැනට එම යාත්‍රාවට ඉන්ධන පිරවීම සහ ආහාර සැපයුම් වැනි අනෙකුත් අවශ්‍යතා සඳහා පමණක් අනුමැතිය ලබා දී ඇති බව සඳහන් විය.

විදේශ අමාත්‍යාංශ මූලාශ්‍රයක් පැවසුවේ, ඉන්දීය සාගරයේ ශ්‍රී ලංකා මුහුදු තීරයේ කිසියම් පර්යේෂණයක් සඳහා අවසර ලබා දීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් අපේක්ෂාවෙන් සිටින බවයි.

මුහුදු පත්ල හැර ජල තීරුවේ ඕනෑම පර්යේෂණයකට ශ්‍රී ලංකාව ස්ථිරවම ඉඩ දෙන බව ද සඳහන් කර තිබේ.

Latest News

More like this

විමුක්ති ගැන පළමු වරට හිටපු ජනපතිනියගෙන් ඉඟියක්..

2029 ජනපතිවරණයට මෙරට ප්‍රබල දේශපාලන පවුල් පසුබිමකින් පැවත එන...

6 ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලය සමලිංගික කිරීමේ වගකීම කාගේද?

රජය විසින් හඳුන්වා දෙනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ...

අනුර සහ පැලවත්ත ජවිපෙ මූලස්ථානය අතර සීතල යුද්ධයක්..

ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය අතර සීතල...

ඇමති ජනමාධ්‍ය වලට එරෙහිව පිහිය මුවාත් තබයි…

මහජන සෞඛ්‍යයට අදාළ හානි දායක පුවත් වාර්තා කළහොත් අනිවාර්යයෙන්...