ජනපති රනිල් IMF ප්‍රධානියා හමුවෙයි.. ණය මුදලේ දෙවැනි වාරිකය ගැනත් කතා කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ඊයේ ප්‍රධාන ආර්ථික කරුණු පිළිබඳ තොරතුරු බෙදාහදා ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කරමින් ප්‍රතිසංස්කරණ ප්‍රයත්නවල ශ්‍රී ලංකාවේ වත්මන් ප්‍රගතිය පිළිබඳ දැනුම්වත් වූ බව වාර්තා පවසයි.

ජනාධිපති වික්‍රමසිංහ මහතා නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අතරතුර ජෝර්ජිවා හමුවූ අවස්ථාවේදී ඇය මෙසේ දැනුම්වත් කිරීමට කටයුතු කර ඇත.

ණයදීමේ පැකේජයේ දෙවන වාරිකය නිකුත් කිරීම සඳහා විස්තීරණ අරමුදල් පහසුකම (EFF) පිළිබඳ පළමු සමාලෝචනය සිදු කරමින් IMF මෙහෙයුමක් මේ වන විටත් රට තුළ ක්‍රියාත්මක වේ.

IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය ශ්‍රී ලංකා රජය විසින් උද්ධමනය මැඩලීමට සහ ව්‍යාපාර වර්ධනයට මෙන්ම සමෘද්ධිමත් සංචාරක කර්මාන්තයට හිතකර පරිසරයක් පෝෂණය කිරීමට ගෙන ඇති ඵලදායී ක්‍රියාමාර්ග පිළිබඳව ප්‍රශංසා කරනු ලැබූ බව සඳහන්ය.

Latest News

More like this

අපි නැවක් හැදුවා.. ලැබෙන මුල්ම අවස්ථාවේ හැප්පිලා ආණ්ඩුව කුඩුපට්ටම් කරනවා… නාමල්

විපක්ෂයේ පක්ෂ විශාල ප්‍රමාණයක් ඒකාබද්ධ කරමින් තමන් නැවක් නිර්මාණය...

බැසිල්ගේ පැත්තක් හිරි වැටිලා…

ශරීරයේ වම්පස හිරිවැටීමේ රෝගී තත්ත්වයක් පවතින බැවින් ගුවන්ගමන් නුසුදුසු...

ජනපති අනුර මත්ද්‍රව්‍ය ජාවාරම් තුරන් කිරීමේ සටනට බහී

කිසිදු අපරාධකරුවෙකුට දේශපාලන රැකවරණය ලබා නොදෙන ආණ්ඩුවක් මේවන විට...

ඇවිළෙන්න ගිය ජාතිවාදී ගින්න නිවා දැමූ ජනපතිගේ ප්‍රකාශය

රට තුළ නැවත කිසිවිටක ජාතිවාදයට හිස එසවීමට තමන් ඉඩ...