ජාතික ඖෂධ නියාමන අධිකාරිය කඩිමුඩියේ අත්‍යාවශ්‍ය ලියවිලි තොගයක් කපාකොටා විනාශ කරයි

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) වැදගත් ලිපි ලේඛන කිහිපයක් විනාශ වී ඇතැයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමය චෝදනා කරයි.

එහි සභාපති තුෂාර රණදේව මාධ්‍ය වෙත පැවසුවේ මෙම ලේඛන විනාශ කිරීමට NMRA ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය විජිත් ගුණසේකර මැදිහත් වී ඇති බවයි.

“ප්‍රධාන විධායක නිලධාරියා NMRA සතු ඇතැම් ලිපිගොනු ඉවත් කරමින් සිටී.

ඊයේ (01) රාත්‍රියේ ප්‍රධාන විධායක නිලධාරීවරයා NMRA පරිශ්‍රයට ගොස් කඩදාසි කටර් භාවිතයෙන් ලිපිගොනු කිහිපයක් විනාස්ග කර ඇති බවයි රජයේ ඖෂධවේදීන් පවසන්නේ. මේ ලිපිගොනු බෑග්වලට දමා ඇති බවත් ඔවුන් පවසයි.

මේ අතර, ආරංචි මාර්ග සඳහන් කරන්නේ NMRA ප්‍රධාන විධායක නිලධාරියාට ඉවත් වන ලෙස දන්වා ඇති බවයි. කෙසේ වෙතත්, ඔහු එය ප්‍රතික්ෂේප කර ඇති බවයි පැවසෙන්නේ.

එහි හිටපු සභාපති සහ වත්මන් ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් NMRA ආයතනයට පසුගිය කාලය තුළ ප්‍රමිතියෙන් බාල ඖෂධ ගලා ඒම සම්බන්ධයෙන් චෝදනා රැසකට මුහුණ දීමට සිදු විය.

Latest News

More like this

දිට්වා හානිය රු. කෝටි ලක්ෂයක් ඉක්මවයි…. ලෝක බැංකු වාර්තාව කියයි

දිට්වා සුළි කුණාටුවා හේතුවෙන් ඇති වූ ගංවතුර හා නාය...

ආර්ථිකය යළිත් කඩා වැටෙන බවට රනිල්ගේ අනාවැකිය හරි… IMF වාර්තාවක් තහවුරු කරයි

ශ්‍රී ලංකාවට ලබන වසරේ සියයට 4.2 ක සැලකිය යුතු...

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...