ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂකයා මෙන්න..

මීලඟ ජනාධිපතිවරණය සදහා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස විධායක සභාව විසින් තමන් තෝරාපත් කර ගත් බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි.

ඔහු මේ බව කියා සිටියේ හිරු ටීවී ඔස්සේ ඊයේ (28) රාත්‍රියේ විකාශය වූ සළකුණ දේශපාලන වැඩසටහනට එක්වෙමිනි.

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා අනුර කුමාර දිසානායක ද? ආචාර්ය හරිනි අමරසුරියද යන කාරණය සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ කතිකාවක් ගොඩනැගී තිබු අතර ඒ සම්බන්ධයෙන් ‘දිවයින’ පුවත්පතේ යූටියුබ් නාලිකාවක සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ජාතික ජන බලවේගය ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කර සිටියේ, ජනාධිපති අපේක්ෂකයා අනුර කුමර දිසානායක බවයි.

” මම හිතනවා ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසුම නායකයා අපි තුළ ඉන්නවා. දැනටමත් ඉන්නවා. අනුර සහෝදරයා, ඔහු පෙන්නුම් කරලා තියෙනවා ඔහුට ඒ නායකත්ව හැකියාව සහ ඒකට සුදුසුකම් තියෙනවා කියලා.” ඇය එම සම්මුඛ සාකච්ඡාවේ දී අවධාරණය කර තිබිණ.

– theleader

Latest News

More like this

හොරණ මාළිමා මන්ත්‍රීවරු කාල තරණය කර අයවැය සම්මත කර ගනී..

විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකුගේ සහභාගීත්වයෙන් තොරව හොරණ නගර සභාවේ අයවැය...

දිට්වා හානිය රු. කෝටි ලක්ෂයක් ඉක්මවයි…. ලෝක බැංකු වාර්තාව කියයි

දිට්වා සුළි කුණාටුවා හේතුවෙන් ඇති වූ ගංවතුර හා නාය...