ජාතික ජන බලවේගය කාදිනල් හිමියන් අතර පළමු වටයේ සාකච්ඡා සාර්ථකයි

2019 වර්ෂයේ අප්‍රේල් මස 21 (පාස්කු ඉරුදින) සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා වන ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාව අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමියන්ට පිළිගැන්වීම අද(18) බොරැල්ල අගරදගුරු නිල නිවසේදී ජාතික ජන බලවේගයේ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා.

මෙහි දී ජාතික ජන බලවේගයේ රජයක් තුළ මෙම සිදුවීමට සෘජුව හා අනියම්ලෙස දායක වුණු සියලු අපරාධකරුවන් හෙළි කිරීමටත් ඔවුන්ට අපරාධමය චෝදනා ගොනු කිරීමට නියත වශයෙන් කටයුතු කරන බවට වන ප්‍රතිඥාව ලිඛිතවම කාදිනල්තුමන් වෙත භාර දුන් බවයි නීතිඥ සුනිල් වටගල මහතා මාධ්‍ය වෙත පැවසුවේ.

පාස්කු ප්‍රහාරයේ සැබෑ අපරාධකරුවන් තවමත් හෙළිදරව් වී නැත්තේ දේශපාලන අධිකාරියේ බලපෑම මත බව සඳහන් කළ ඒ මහතා ජාතික ජනබලවේගය නැවතත් විශේෂ විමර්ශනයක් කර යටපත් කරන පද සියලු කරුණු හෙළිදරව් කරන බව ඔහු ප්‍රකාශ කළා.

2019 අප්‍රේල් මස 21 (පාස්කු ඉරුදින) කතෝලික සහ ක්‍රිස්තියානි බැතිමතුන් ඉලක්ක කරගනිමින් අන්තවාදීන් කණ්ඩායමක් විසින් සිදුකරන ලද ම්ලේච්ච මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් අහිමි වූ ජීවිතවලට, එම ප්‍රහාරය මගින් අසරණ වූ පවුල්වල සාමාජිකයන්ට සාධාරණය ඉටු කිරීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවටත් එම ප්‍රහාරයට ඍජු හෝ වක්‍ර ලෙස සම්බන්ධවූ පුද්ගලයන්ට එරෙහිව නිසි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවටත් අවධාරණය කරන ප්‍රධාන කරුණු 07ක් එම ලියවිල්ලට ඇතුළත්ය.

මෙම හමුවට ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, නීතිඥ සුනිල් වටගල, ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය රොහාන් ප්‍රනාන්දු, අරුණ ශාන්ත නෝනිස් යන අය සහභාගි විය.

Latest News

More like this

දිලිත්ගේ නිවසේ අද රාත්‍රී සර්ව විපාක්ෂික සාදයක් !

සර්ව ජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරගේ...

මුහුණේ කැළැල් මකන්න ආ තරුණියට පේරාදෙණිය වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකදී අතවර !

මුහුණේ ලප කැළැල් සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණි තරුණියකට අතවර...

තුසිත හල්ඔලුවට වරෙන්තු

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව වහාම...

රනිල් – නාමල් මල් පාරේ හදිසි සාකච්ඡාවක !

ආණ්ඩුවට එරෙහිව 21 වෙනදා පැවැත්වීමට නියමිත නුගේගොඩ රැලිය සම්බන්ධයෙන්...
error: Content is protected !!