ජැක්සන්ගේ දේහයට හිටපු ජනාධිපති ගෝඨාභයගේ අවසන් ගෞරවය

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ දේහයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (10) දහවල් ගෞරව දැක්වීය.

එසේ ම එතුමාගේ බිරිඳ කුමාරි මුණසිංහ ඇතුළු දූ දරුවන්, පවුලේ ඥාතීන් මුණගැසී හිටපු ජනාධිපතිවරයා තම ශෝකය ප්‍රකාශ කරනු ලැබිය.

මේ අතර ජැක්සන් ඇන්තනී මහතාගේ දේහයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද අද අවසන් ගෞරව දැක්විය.

අවසන් ගෞරව දැක්වීම ජනතාව දිගු පෝළිම්වල

අභාවප්‍රාප්ත ප්‍රවිණ රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දේශපාලනඥයින්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් අද උදෑසන සිටම පැමිණෙමින් සිටිති.

එලෙස පැමිණි ඇතැම් පිරිස් දිගු පෝළිම්වල රැඳී සිටිනු ද අද උදෑසන සිට දක්නට ලැබිණ.

අභාවප්‍රාප්ත ප්‍රවිණ රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා මේවනවිට තැන්පත් කර තිබෙන්නේ කොළඹ 08, බෞද්ධාලෝක මාවතේ පිහිටි පෞද්ගලික මල් ශාලාවකයි.

ජැක්සන් ඇන්තනී මහතාගේ දේහයට ගෞරව දැක්වීම සඳහා ජනතාවට අවස්ථාව ලබාදීම වෙනුවෙන් අද රාත්‍රී 11 දක්වා එම ස්ථානයේ ඒ මහතාගේ දේහය තැන්පත් කර තිබෙන බව පවුලේ ඥාතීන් පවසති.

ඉන් අනතුරුව දේහය අද රාත්‍රියේදී 90/A 58 වනිගසූරියවත්ත, රාගම පාර, කඩවත යන ලිපිනයේ පිහිටි ජැක්සන් ඇන්තනී මහතා පදිංචිව සිටි නිවසට රැගෙන යාමට නියමිතය.

අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන බ්‍රහස්පතින්දා දින පස්වරු 3ට රාගම ශුද්ධ වූ පේදුරු හා පාවුළු දේවස්ථානයේදී සිදු කෙරේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජැක්සන් ඇන්තනී මහතාගේ දියණිය මාධවී ඇන්තනි මෙසේ පැවසුවාය.

Latest News

More like this

විමුක්ති ගැන පළමු වරට හිටපු ජනපතිනියගෙන් ඉඟියක්..

2029 ජනපතිවරණයට මෙරට ප්‍රබල දේශපාලන පවුල් පසුබිමකින් පැවත එන...

6 ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලය සමලිංගික කිරීමේ වගකීම කාගේද?

රජය විසින් හඳුන්වා දෙනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ...

අනුර සහ පැලවත්ත ජවිපෙ මූලස්ථානය අතර සීතල යුද්ධයක්..

ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය අතර සීතල...

ඇමති ජනමාධ්‍ය වලට එරෙහිව පිහිය මුවාත් තබයි…

මහජන සෞඛ්‍යයට අදාළ හානි දායක පුවත් වාර්තා කළහොත් අනිවාර්යයෙන්...