ටෙන්ඩර් කඹ ඇදිල්ලක් නිසා ශ්‍රී ලංකාවට ඔක්සිජන් උත්පාදන යන්ත්‍ර හතක් ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් වෙන් කළ අරමුදල් අහිමි වීමේ අවදානමක්

ශික්ෂණ හා මූලික රෝහල් සඳහා ඔක්සිජන් උත්පාදන යන්ත්‍ර හතක් සඳහා වසරකට පෙර කැඳවූ ටෙන්ඩරය ලබා දීමේ දීර්ඝ ප්‍රමාදය හේතුවෙන් ආධාර සපයන ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් සපයනු ලබන අරමුදල්වලින් කොටසක් ශ්‍රී ලංකාවට අහිමි වීමේ අවදානමකට ලක්ව ඇතැයි වාර්තා වෙනවා.

2023 සැප්තැම්බර් 21 වැනි දින සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඔක්සිජන් ජනන යන්ත්‍ර හත සැපයීම සඳහා ටෙන්ඩරය කැඳවා තිබෙනවා.

අනුරාධපුර, යාපනය, මඩකලපුව ශික්ෂණ රෝහල්වලත්, අම්පාර, මහියංගනය, ඇඹිලිපිටිය, සහ කලවාන දිස්ත්‍රික් සහ මූලික රෝහල්වලත් යන්ත්‍ර හතක් පිහිටුවීමට එමඟින් බලාපොරොත්තු වුණා.

ටෙන්ඩරය සාකච්ඡා කිරීම සඳහා පත් කළ ප්‍රසම්පාදන කමිටුවේ සාමාජිකයන් අතර ඇති වූ ආරවුලක් සහ පසුව සැපයුම්කරුවන් දෙදෙනකු අතර ඇති වූ නීතිමය සටනක් එම ක්‍රියාවලිය කඩාකප්පල් කර ඇති අතර එය ව්‍යාපෘතිය අඩාලවීමට හේතු වී ඇතැයි පැවසෙනවා.

අනෙකුත් රටවල් මෙන්ම ශ්‍රී ලංකාවද කොවිඩ්-19 වසංගතය අතරතුර ප්‍රමාණවත් වෛද්‍ය ඔක්සිජන් සැපයීමේ ගැටළු වලින් පීඩා විඳි අතර, එක් අවස්ථාවකදී අහිතකර ලෙස පීඩාවට පත් වූවන්ට කොවිඩ් ප්‍රතිකාරයේ වැදගත් අංගයක් වූ ඔක්සිජන් සිලින්ඩර මාරු කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ යුද නෞකාවක් ඉන්දියාවට යැවීමට සිදුව තිබුණා.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් මේ සම්බන්ධයෙන් මාධ්‍ය විමසීමකදී ඔහු, එම ක්‍රියාවලියේ ප්‍රමාදයක් ඇති බවත් ඇතැම් තාක්ෂණික කරුණු සම්බන්ධයෙන් ටෙන්ඩර් මණ්ඩලය බෙදී ඇති බවත් පිළිගෙන ඇතැයි වාර්තා වෙනවා. ප්‍රසම්පාදන කමිටුවේ සිදුවන ප්‍රමාදයන් පිළිබඳව ආසියානු සංවර්ධන බැංකුව කළකිරීමට පත්ව ඇති බව ඔහු පවසා තිබෙනවා. “සියලු ප්‍රමාදයන් සහ ආරවුල් සමඟ නියෝජිතායතනය පෙන්වා දී ඇත්තේ ඔවුන් වෙනත් දෙයකට අරමුදල් භාවිතා කළ හැකි බවයි”.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ප්‍රසම්පාදන ලේකම් වයි.එල්.එම් නවාවිගේ ලිපියක් මගින් ජනවාරි මාසයේදී කෙටි ලැයිස්තුගත සැපයුම්කරුවන් හතර දෙනාගෙන් එක් අයෙකුට ටෙන්ඩරය ලබා දී ඇති බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත්, කෙටි ලැයිස්තුවට ඇතුළත් වූ වෙනත් සැපයුම්කරුවෙකු මෙම කාරණය අධිකරණයට ඉදිරිපත් කිරීම නිසා ටෙන්ඩරය අත්හිටුවා ඇති බව දැනගන්නට තිබෙනවා.

උසාවිය ඉදිරියේ ඇති කාරණයත් සමඟ, ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබා දී ඇති අරමුදල් ප්‍රයෝජනයට ගැනීමට කාලය අවසන් වෙමින් පවතින බවත්, වෙනත් තැනක භාවිතා කිරීමේ අවදානමක් ඇති බවත් වාර්තා වෙනවා.

Latest News

More like this

අමෙරිකාවේ වෙනිසියුලා ආක්‍රමණය ගැන ජවිපෙ ස්ථාවරය වෙනයි… අපේ ස්ථාවරය වෙනයි… රජයේ ස්ථාවරය ගැන විජිත කියයි

අමෙරිකා එක්සත් ජනපදය වෙනිසියුලාවට එරෙහිව දියත් කළ හමුදා කුමන්ත්‍රණය...

වැලිගම බිකිණි හැඳ ගත් විදේශ සංචාරකයින් අක්‍රම්ට අකැපද..?

දකුණු පළාතේ වැලිගම යනු විදෙස් සංචාරකයින්ගේ පාරාදීසයකි. දීර්ඝ කාලයක්...

අමෙරිකාව වෙනිසියුලාවේ බලය අල්ලයි.. පැහැරගත් ජනාධිපති මධුරෝ සහ බිරිඳ නිව්යෝර්ක් සිර ගෙදරට

අමෙරිකා එක්සත් ජනපදය විසින් සිදු කරනු ලැබූ මහා පරිමාණ...

විමුක්ති ගැන පළමු වරට හිටපු ජනපතිනියගෙන් ඉඟියක්..

2029 ජනපතිවරණයට මෙරට ප්‍රබල දේශපාලන පවුල් පසුබිමකින් පැවත එන...