ඩයනාගේ සීට් එක නැති වෙයි..

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නීත්‍යානුකූල සුදුසුකම් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (මැයි 08) ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දුන්නේ රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට එරෙහි පෙත්සමක් අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කිරීම අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේ දීය.

පෙබරවාරි 13 දින නඩු විභාගය අවසන් කිරීමෙන් පසු විනිසුරු මඩුල්ල එහි තීන්දුව දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර තිබුණා.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් විසින් මෙම අභියාචනා ඉදිරිපත් කර ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සහ පුරවැසිභාවය සම්බන්ධයෙන් තමන් ගොනු කර තිබූ පෙත්සම අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර සති දෙකකට පසුවයි.

ගමගේ ඇතුළු කිහිප දෙනෙකු තම අභියාචනයේ වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් හේරත් කියා සිටියේ, ද්විත්ව පුරවැසිභාවය ද ඇති මන්ත්‍රීවරියක් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට ඇය නුසුදුසු බවට චෝදනා කරමින් තමන් මීට පෙර පෙත්සමක් ගොනු කළ බවයි.

Latest News

More like this

එළවළු මිල අසාමාන්‍ය ලෙස නඟී..

අධික වර්ෂාව නිසා පළාත් රැසක භෝග වගාවන් විශාල වශයෙන්...

දැන් වයසයිනේ… නාමල්ගෙන් මහින්දගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ප්‍රකාශයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේ කොළඹ පෞද්ගලික රෝහලකය...