ඩයනා ගමගේට පාර්ලිමේන්තුව තුළ පහර දීමක්

සමගි ජනතා බලවේගයේ මන්ත්‍රී සුජිත් පෙරේරා පාර්ලිමේන්තුව තුළ දී තමාට පහර දීමක් සිදු කළ බව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ අද (20) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ සෝපානය අසල දී එම පහර දීම සහ හිංසනය සිදු වූ බවයි ඇය පැවසුවේ.

සජබ මන්ත්‍රීවරුන්ට කන්තාවන් සමඟ විශාල ප්‍රශ්ණයක් තිබෙන බවත් මෙයට විරුද්ධ නීත්‍යානුකූල පියවර ගන්නා අතරම පාර්ලිමේන්තුව තුළ සාධාරණ පරීක්ෂණයක් කරන ලෙස ඇය ඉල්ලා සිටියා.

“සුජිත් කියන්නේ තමන්ගේ බිරිඳටත් පහර දෙන මිනිහෙක්. මං එතුමා කියන්නෙත් නැහැ. මොකද සක්කිලි කාලකණ්නි වගේ මිනිස්සු තමයි මෙහෙම හැසිරෙන්නේ. පාර්ලිමේන්තුව තුළ මෙහෙම කාන්තා මන්ත්‍රීවරියකට පහර දෙන්න පුළුවන් නම් සජබ මන්ත්‍රීවරුන් කොහොමද කාන්තාවගේ නිදහස ගැන කතා කරන්නෙ. රාජ්‍ය ඇමතිවරියකට පහර දෙනව නම් මේ පාර්ලිමේන්තුව තුළ තව මොන කතා ද සජබ මන්ත්‍රීවරු ගැන කතා කරන්න තියෙන්නේ. අනිවාර්යයෙන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්න කියලා මම ගරු කතානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා” යයි ඇය පැවසුවා.

මේ වන විට ඩයනා ගමගේ සහ රෝහණ බණ්ඩාර අතර බහින් බස් වීමක් සම්බන්ධ වීඩියෝවක් ද සමාජ මාධ්‍ය තුල සංසරණය වෙමින් පවතිනවා.

Latest News

More like this

ඇමති ජනමාධ්‍ය වලට එරෙහිව පිහිය මුවාත් තබයි…

මහජන සෞඛ්‍යයට අදාළ හානි දායක පුවත් වාර්තා කළහොත් අනිවාර්යයෙන්...

මේ රටට ඕන දරුණු ඒකාධිපති කාරුණික පාලකයෙක්.. මම ජනපති සටනට එනවා.. සමන්ත භද්‍ර හිමි

රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට නායකත්වය දීමට තමන් කැමති...

හොරණ මාළිමා මන්ත්‍රීවරු කාල තරණය කර අයවැය සම්මත කර ගනී..

විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකුගේ සහභාගීත්වයෙන් තොරව හොරණ නගර සභාවේ අයවැය...