දමිතා සහ සැමියා CID අත්අඩංගුවට

මූල්‍යමය වංචා චෝදනාවක් හමුවේ සැඟවුණු බවට වාර්තා වුණු ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සහ ඇගේ සැමියා අද (04) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද දහවල් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි දමිතා සහ සැමියා ඉන් පිටව යන අවස්ථාවේ මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ කොරියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනයකට අදාළවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව දමිතා සහ ඇගේ සැමියාට විදෙස් ගත වීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ නියෝගයක් ද නිකුත් කරනු ලැබුවා.

අත්අඩංගුවට පත් වූ අවස්ථාවේ ඇය මාධ්‍ය වෙත දැක්වූ අදහස් කිහිපයක් මෙසේය.

“මම හැංගුනේ නෑ.මේ රටේ හැංගෙන්න පුළුවන් චරිතයක් නෙවෙයි දමිතා. දමිතා කියන්නෙ 69 ලක්ෂයක් ඡන්ද ගත්තු ඒ කාලකණ්නි ක්‍රමයට එරෙහිව අරගල කරපු ගැහැණියක්. මම අද අධිකරණයට භාර වෙනවා. ඔය පොහොට්ටුව ඇතුළු දේශබන්දු මේ සිඟිති ආතල් එක ගන්න. ලක් අම්මා දිනුම්. මේ රටේ සජිත් ප්‍රේමදාස මහත්තයා ජයග්‍රහණය කරනවා”

Latest News

More like this

අනාගත බල පෙරළියකට “රොස්මිඩ් වලව්ව” සූදානම්…

මෙරට දේශපාලන ඉතිහාසය තුළ බල පෙරළීන් ගණනාවක කේන්ද්‍රස්ථානය වූ...

වෙනිසියුලාවේ තත්ත්වය ගැන ශ්‍රී ලංකාවේ දැඩි කණස්සල්ල පළ කෙරේ

වෙනිසියුලාවේ මෑත කාලීන තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි...

අමෙරිකාවේ වෙනිසියුලා ආක්‍රමණය ගැන ජවිපෙ ස්ථාවරය වෙනයි… අපේ ස්ථාවරය වෙනයි… රජයේ ස්ථාවරය ගැන විජිත කියයි

අමෙරිකා එක්සත් ජනපදය වෙනිසියුලාවට එරෙහිව දියත් කළ හමුදා කුමන්ත්‍රණය...

අමෙරිකාව වෙනිසියුලාවේ බලය අල්ලයි.. පැහැරගත් ජනාධිපති මධුරෝ සහ බිරිඳ නිව්යෝර්ක් සිර ගෙදරට

අමෙරිකා එක්සත් ජනපදය විසින් සිදු කරනු ලැබූ මහා පරිමාණ...