නාමල්ගේ ගෙදර ජනාධිපතිවරයාට විරුද්ධව පොහොට්ටුවේ මන්ත්‍රීවරු පිරිසක් රැස් වෙයි – අයවැයේ දී පාඩමක් උගන්වන්නත් කතා වෙයි

ජනාධිපතිවරයාගේ කැබිනට් සංශෝධනය සමඟ පළමුවරට ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර දෙදරා යාමක් සනිටුහන් වූ අතර පොහොට්ටුවෙ මන්ත්‍රීවරු පිරිසක් හදිසියේ නාමල් රාජපක්ෂගේ නිවසේ රැස්ව මේ පිළිබඳ සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

කැබිනට් සංශෝධනය සමඟ පොහොට්ටුවේ මහ ලේකම් සාගර කාරියවසම් එය ප්‍රසිද්ධියේ විවේචනය කරනු ලැබීය.

ජනාධිපතිවරයා තමන්ට ඇහුම්කන් නොදෙන බවත් තමන් ලේකම්වරයකු ඉල්ලා සිටියත් එයට ද සවන් නොදුන් අතර ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ඉල්ලීම්වලට සවන් නොදෙන බව මන්ත්‍රීවරුන් මෙහි දී පවසා තිබේ.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ජනතාව එපා කර ඇත. ලයිට් බිල වැඩියි, වතුර බිල වැඩියි, වෘත්තීයවේදීන්ගේ පඩියෙන් බදු ගහනවා, ජනතාව මත බදු බර පටවනවා යැයි නාමල් පවසා ඇතැයි වාර්තා වේ.

ඔව් ඒක ඇත්ත මෙවර අයවැයෙන් සහන නොදුන්නොත් බලමු යැයි තවත් රාජ්‍ය අමාත්‍යවරයෙක් පැවසුවේය.

‘අපේ සාක්කුවේ තියෙන ඇමැතිකම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දීලා තියෙනවා. අපි කී දෙනෙක් ඉන්නවාද?” ඒත් ඇමතිකම් ලබා දෙද්දී ජනාධිපතිවරයා තමන් ගැන සලකා නොබැලූ බවට ඔවුන් මැසිවිලි නඟා තිබේ.

දිලුම්, ජානක වක්කුඹුර, චානක, කනක, ලොහාන්, ෂෙහාන් වගේ අංකුර මන්ත්‍රීවරු ඕන තරම් ඉන්නා නමුත් ඔවුන්ට අවස්ථාව ලබා දීමට කටයුතු නොකළ බව නාමල් මෙහි දී පැවසූ බව වාර්තා වේ.

Latest News

More like this

6 ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලය සමලිංගික කිරීමේ වගකීම කාගේද?

රජය විසින් හඳුන්වා දෙනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ...

අනුර සහ පැලවත්ත ජවිපෙ මූලස්ථානය අතර සීතල යුද්ධයක්..

ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය අතර සීතල...

ඇමති ජනමාධ්‍ය වලට එරෙහිව පිහිය මුවාත් තබයි…

මහජන සෞඛ්‍යයට අදාළ හානි දායක පුවත් වාර්තා කළහොත් අනිවාර්යයෙන්...

මේ රටට ඕන දරුණු ඒකාධිපති කාරුණික පාලකයෙක්.. මම ජනපති සටනට එනවා.. සමන්ත භද්‍ර හිමි

රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට නායකත්වය දීමට තමන් කැමති...