පාර්ලිමේන්තුවේ විහිළු එපා. පාස්කු ප්‍රහාරයට ජ්‍යාත්‍යන්තර පරීක්ෂණක් දෙන්න – ගරු සිරිල් ගාමිණී පියතුමන්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාව ඉදිරිපත් කර ඇති වාර්තා වැඩසටහනට අදාළ පර්යේෂණ කටයුතු වෙනුවෙන් පාර්ලිමේන්තු කමිටුවක් පත්කිරීම සහ පාර්ලිමේන්තුවේ මැදිහත්වීම තවත් විහිළුවක් පමණක් බව කොළඹ අදරදුගුරු මැල්කම් රංජිත් කදිමල් හිමිපාණන්ගේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් සඳහන් කර තිබෙනවා.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර ඇත්තේ යූ ටියුබ් නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

උන්වහන්සේ සඳහන් කර ඇත්තේ මීට පෙරද මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී හා ඉන් පිටතදී පර්යේෂණ, කොමිසම් රැසක් ක්‍රියාත්මක වූ නමුත් මේ දක්වා යුක්තිය ඉටුනොවූ බවයි.

එබැවින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා ස්වාධීන හා අපක්ෂපාතී අන්තර්ජාතික මැදිහත් වීමකින් සමන්විත විධිමත් පරීක්ෂණයක් අවශ්‍ය බවත්, ඒ සඳහා මෙම අපරාධය සම්බන්ධ සුලමුල මුල් අවස්ථාවේදීම අනාවරණය කරගත් මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේද සේවය ලබාගත යුතු බවත් උන්වහන්සේ මෙහිදී අවධාරණය කර තිබේ.

Latest News

More like this

ජනපති අනුර මත්ද්‍රව්‍ය ජාවාරම් තුරන් කිරීමේ සටනට බහී

කිසිදු අපරාධකරුවෙකුට දේශපාලන රැකවරණය ලබා නොදෙන ආණ්ඩුවක් මේවන විට...

ඇවිළෙන්න ගිය ජාතිවාදී ගින්න නිවා දැමූ ජනපතිගේ ප්‍රකාශය

රට තුළ නැවත කිසිවිටක ජාතිවාදයට හිස එසවීමට තමන් ඉඩ...

බුදු පිළිම නාට්‍යය මගේ නම්.. රඟපාන්නේ ආණ්ඩුව… නාමල්

ත්‍රිකුණාමලය සම්බුද්ධි ජයන්ති විහාරයේ සංඝයාවහන්සේලාට පහර දුන් දෙදෙනා අත්...

පුටුවෙන් ඇද වැටුණු බැසිල් නොවැම්බර් 21 නාමල් නැගිට්ටවන්න එයි?

එළැඹෙන නොවැම්බර් 21 වැනිදා පොදු ජන පෙරමුණ සමඟ නාමල්...