මාලිමා රජයක් යටතේ ගන්න යන නිල නිවස, හේමා ප්‍රේමදාස භාරදෙන්න තීරණය කරලා

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ මව වන හේමා ප්‍රේමදාස මහත්මියට රජයෙන් හිමිව තිබෙන නිල නිවස යළි රජයට භාරදීමට සූදානම් බව සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

“මගේ මව දැන් නිල නිවස පාවිච්චි කරන්නේ නෑ. මම කියලා නෙමෙයි එතුමියම එතුමියම හිතලා දැන් ඒක භාර දෙන්න යනවා. එතුමිය කවදාවත් නිල නිවසක ඉදලා නෑ.

ඒක ලැබෙන්නන් වාලේ ලැබිතා තියෙනවා. ඒක ඔහේ තියෙනවා. මගේ මව ඉන්නේ පෞද්ගලික නිවසක. මගේ මවට ලැබෙනවා මගේ පියාගේ විශ්‍රාම වැටුප මම ඇත්තටම කියන්න කැමතියි මම ඒක සාධාරණීකරණය කරනවා. එහි වරදක් දකින්නේ නෑ.

මගේ මවට ආරක්ෂාව ලැබෙනවා. මගේ මව දැන් වයෝවෘධයි. මම හිතන්නේ නෑ එතුමිය වැරදි ලෙස ඒ ප්‍රතිලාභ භාවිත කර දේශපාලන කටයුතු කරන්නේ නෑ. මගේ තාත්තා කරපු කැපවීම් මගේ මවට ලැබෙන වරප්‍රසාද භුක්ති විදීම ගැටලුවක් නෙමෙයි. එතුමියගේම අදහස් අනුව නිල නිවස භාර දෙන්න යනවා.”

ඔහු මේ බව සඳහන් කළේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

මෑතක දී ජාතික ජන බලවේගයෙන් විපක්ෂ නායකවරයාට චෝදනාවක් එල්ල කරමින් කියා සිටියේ විපක්ෂ නායකවරයාගේ මව තවමත් රජයේ වරප්‍රසාද භාවිතා කරමින් නිල නිවස ජීවත්වන බවයි.

තම රජයක් යටතේ පළමු කොට හේමා ප්‍රේමදාස ඇතුළු හිටපු ජනාධිපතිවරුන් පෞද්ගලීකරණය කරන බවත් රජය විසින් ඔවුන් නඩත්තු කිරීම අතහැර දමන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල්කාන්ත මහතා මෑතකදී කියා සිටියේය.

Latest News

More like this

LTTE යට උදව් කරපු කැනඩා අමාත්‍ය ගැරී ආනන්ද සංගරී ලොකු අමාරුවක වැටිලා…

එල්.ටී.ටී.ඊ සාමාජිකයකුට පුරවැසිභාවය ලබාගැනීම වෙනුවෙන් සහාය වී ඇති බවට...

බිරින්දෑවරු හා දරුවන්ද ඇතුළුව හිටපු මන්ත්‍රීවරුන්ට කෝටි 218ක විශ්‍රාම වැටුප් ගෙවලා

හිටපු මන්ත්‍රීවරුන්ගේ වැන්දඹුවන් 174 දෙනෙකු සහ දරුවන් හත් දෙනෙකු...

උඩුකය නිරුවතින් ඇවිද්ද විදෙස් කාන්තාව පිරිමියෙක්

ආරුගම්බේ ප්‍රදේශයේදී උඩුකය නිරුවතින් ඇවිදනු ලැබූ කාන්තාවක් බව පවසමින්...

ලංකාවේ තරුණයින්ට දරු සිහිනය අත් හරින්න වෙයි.. UNFPA වාර්තාව

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) විසින් මෑතකදී නිකුත් කරන...
error: Content is protected !!