මාළිමාවේ ජයග්‍රහණය ආපසු හැරවිය නොහැකියි – ලෝකෙම එය පිළිගෙන අවසන්

ඉදිරි ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගය ලැබීමට නියමිත විශිෂ්ඨ ජයග්‍රහණය ආපස්සට හැරවිය නොහැකි වන අතර මේ වන විටත් මාළිමාව රටේ සියලුම ජනතාවගේ හිත් ජයග්‍රහණය කර අවසන් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා.

ජාතික වශයෙන් ගොඩ නඟන ආර්ථික ප්‍රතිපත්තිය ගම වෙත විහිදෙන අතරම ජනතා සහභාගීත්ව සංවර්ධන ප්‍රවේශයක් තුළින් කාන්තාවන් ඇතුළු සියලුම දෙනා රට ගොඩ නැඟීමට දායක කරගන්නා ක්‍රමය ඉදිරියේ නිර්මාණය වන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් තුළ ආර්ථික ප්‍රතිපත්තිය වෙනු ඇති බව ද ඔහු සඳහන් කළා.

ඔහු මේ බව පැවසුවේ මෙරට වැඩිම කාන්තාවන් පිරිසක් ශ්‍රම බලකායේ නියෝජනය කරන නුවරඑළිය දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමිනි.

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ මේ රටේ ආර්ථිකය නිකම්ම කඩා වැටුණු එකක් නොවුණු බවයි. වංචාවෙන්, දූෂණයෙන්, නාස්තියෙන් මේ සා විශාල ප්‍රපාතකයට රට ඇද වැට්ට වූ බවයි ඔහු සඳහන් කළේ.

“නාමල්ගේ මඟුලේ වියදම කීයද? ලයිට් බිලම විතරක් රු 2682000 ක්. කෝටි කාලයි ලයිට් බිල. කමක් නෑ මැද මුලන පොල්වත්තෙන් පොල් කඩලා ලයිට් බිල ගෙව්ව නම්. ගෙව්වේ ඔබ කූඩැල්ලො කකා අව්වේ පිච්චි පිච්චි තේ දලු කඩලා හම්බකරන සල්ලිවලින්. මේ පරණ ඔද්දල් වෙච්ච ක්‍රමය අපි වෙනස් කරන්න ඕන. අපි මේ එක මිටකට එකතු වෙලා ඉන්නේ ඒකට. එකතු වෙලා අපි මේ වෙනස කරමු.ඒ වෙනස කරන්න පුළුවන්. ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය ස්ථිරයි. දැන් මුළු රට පුරාම හැම දිග්භාගෙකම, හැම අස්සක මුල්ලකම මෙදා සැරේ දිනන්නේ මාළිමාව කියන එක ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම ජීවත්වෙන ලාංකිකයෝ පිළි අරගෙන අවසානයි”

Latest News

More like this

අනුර Newsweek හරහා ජ්‍යාත්‍යන්තරයට ගහපු ගල..

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් පැවතුණු නොසන්සුන්කාරී සහ කැළඹුණු වාතාවරණය...

පොළොන්නරුවට අලුත් රජෙක් පහළ වේ..

ජාතික ජන බලයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා නිවාස...

චන්ද්‍රිකාගේ රු කෝටි 25ක පරිත්‍යාගය විමුක්ති දේශපාලනයට ගෙන ඒමේ මෙහෙයුමේ පළමු වෙඩිමුරයයි

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනිය ආපදාවෙන් විපතට පත්...

ශ්‍රී ලංකාව අපගේ පාලනයෙන් තොර අර්බුදයකට.. ජනපති Newsweek සඟරාවට අනාවරණය කරයි

ණය අර්බුදයකින් සහ දේශපාලන කැලඹීමකින් නැවත ගොඩනැගීමට උත්සාහ කරන...