මුතුරාජා හෙට තායිලන්තයට යයි..

තායිලන්තය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබූ මුතු රාජා ඇතා, යළි ආපසු රැගෙන යාම සදහා රුසියානු “ඉලුෂියන් ” වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ (30) රාත්‍රීයේ පැමිණ ඇති බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

මෙම ඒ.ඉසෙඩ්.එස්.- 5701දරන ගුවන් යානය රුසියාවේ මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රාත්‍රී 11.30ට පැමිණ තිබුණි.

මුතු රාජා ඇතා දෙහිවල සත්වෝද්‍යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ බලාඅද (01) මධ්‍යම රාත්‍රී 12.00 පිටත් වීමට නියමිතය .

මුතු රාජා ඇතා රැගත් මෙම රුසියානු ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළෙන් තායිලන්තයේ බැංකොක් නුවර බලා හෙට (02) අලුයම 03.00 ට පමණ පිටත්ව යාමට නියමිත බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.

Latest News

More like this

හොරණ මාළිමා මන්ත්‍රීවරු කාල තරණය කර අයවැය සම්මත කර ගනී..

විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකුගේ සහභාගීත්වයෙන් තොරව හොරණ නගර සභාවේ අයවැය...

දිට්වා හානිය රු. කෝටි ලක්ෂයක් ඉක්මවයි…. ලෝක බැංකු වාර්තාව කියයි

දිට්වා සුළි කුණාටුවා හේතුවෙන් ඇති වූ ගංවතුර හා නාය...