‘මේ බජාර් එකට මල්ලී’ ගීතයට රෝහණගේ පැමිණිල්ලට සංතුෂ්ට වාරණයක්

ජැක්සන් ඇන්තනි මහතා අධ්‍යක්ෂණය කළ ‘ඇඩ්‍රස් නෑ’ චිත්‍රපටයේ ‘මේ බජාර් එකට මල්ලී’ නමැති ගීතය ප්‍රතිනිර්මාණය කර වෙළෙඳ දැන්වීම් හා සමාජ මාධ්‍යවල මුදාහැරීම වළකාලන අතුරු නියෝගයක් කොළඹ වාණිජ මහාධිකරණය පසුගියදා නිකුත් කළේය.

ආචාර්ය රෝහණ වීරසිංහ මහතා ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු කේ.පී. ප්‍රනාන්දු මහතා විසින් මෙම අතුරු නියෝගය නිකුත් කළේය.

සරිගම ෆිල්ම්ස්, සරිගම මියුසික් පෞද්ගලික සමාගම, සන්තුෂ් වීරමන් හා සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් යන විත්තිකාර ආයතනවලට මෙම නියෝගය නිකුත් කර ඇත.

මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පද රචනය කළ ගීතය පැමිණිලිකාර රෝහණ වීරසිංහ විසින් සංගීතවත් කර ජැක්සන් ඇන්තනි මහතා අධ්‍යක්ෂණය කළ ‘ඇඩ්‍රස් නෑ’ චිත්‍රපටයේ ගයාන් පෙරේරා ගායනා කරන බවත් ගීතය ආර්ථික අයිතිවාසිකම් හා බුද්ධිමය දේපොළ උල්ලංඝනය කරමින් youtube නාලිකාවේ උඩුගත කර ඇති බවට ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා කරුණු දක්වමින් අධිකරණයට පැවසීය.

සිය බුද්ධිමය දේපොළ හිමිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් දෙන ලෙසත් එම ක්‍රියාව වැළැක්වීමේ නියෝග නිකුත් කරන ලෙසත් ඉල්ලමින් වීරසිංහ මහතා සිය පැමිණිල්ල මඟින් කරුණු ඉදිරිපත් කර තිබිණි.

එම කරුණු විභාග කිරීමෙන් අනතුරුව අදාළ ගීතය කුමන ආකාරයකින් හෝ ප්‍රතිනිර්මාණය කිරීම, සෘජුව හෝ වක්‍රව අඛණ්ඩ ලෙස වෙළෙඳ දැන්වීම් ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීම, පිටපත් නිර්මාණය කිරීම වළක්වමින් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

මෙහි පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ ලක්ෂිකා රත්නායකගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා ඇතුළු නීතිඥ මඬුල්ලක් පෙනී සිටියේය.

– රෝෂන් තුෂාර

Latest News

More like this

අනුර Newsweek හරහා ජ්‍යාත්‍යන්තරයට ගහපු ගල..

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් පැවතුණු නොසන්සුන්කාරී සහ කැළඹුණු වාතාවරණය...

පොළොන්නරුවට අලුත් රජෙක් පහළ වේ..

ජාතික ජන බලයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා නිවාස...

චන්ද්‍රිකාගේ රු කෝටි 25ක පරිත්‍යාගය විමුක්ති දේශපාලනයට ගෙන ඒමේ මෙහෙයුමේ පළමු වෙඩිමුරයයි

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනිය ආපදාවෙන් විපතට පත්...

ශ්‍රී ලංකාව අපගේ පාලනයෙන් තොර අර්බුදයකට.. ජනපති Newsweek සඟරාවට අනාවරණය කරයි

ණය අර්බුදයකින් සහ දේශපාලන කැලඹීමකින් නැවත ගොඩනැගීමට උත්සාහ කරන...