මෛත්‍රී පන්නන්න චන්ද්‍රිකා ගැහුව ගේම එළියට : මෛත්‍රී හිටන්ම ජාතිය අමතයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඔහුට ශ්‍රීලනිප සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය ඊයේ (04) නිකුත් කළ අතුරු තහනම් නියෝගයෙන් අනතුරුවයි.

1994 සිට 2005 දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව ලෙස කටයුතු කළ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ගොනු කළ පැමිණිල්ලකට අනුව මෙම අධිකරණ නියෝගය නිකුත් කර ඇති බව සඳහන්.

ඊයේ(04) සවස මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම තහනම් නියෝගය පිළිබඳ ඔහු මෙලෙස අදහස් දැක්වුවා. “මාව (ශ්‍රීලනිප) සභාපතිකමෙන් ඉවත් කිරීමට චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය අතුරු තහනම් නියෝගයක් ලබාගෙන ඇති බව මම හවස දැනගත්තා. වාරණ නියෝගය අප්‍රේල් 18 දක්වා ක්‍රියාත්මක බව මාධ්‍යවලින් දැනගත් නමුත් ඒ පිළිබඳ ලිඛිත කඩදාසි කිසිවක් මා වෙත එවා නැහැ.”

“ශ්‍රීලනිප ඉතිහාසයට මෙවැනි අභියෝග අලුත් දෙයක් නෙවෙයි. චන්ද්‍රිකා මැතිනිය, අනුර බණ්ඩාරනායක මහත්මයා, මේ හැමෝම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්වෙලා අලුත් පක්ෂ ගොඩ නඟා ගත්තා. 1977දී බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය නැති කළාට පස්සේ අවුරුදු 17ක් විපක්ෂයේ ඉන්න සිද්ධ වුණේ ඒ අයගේ මේ වගේ ක්‍රියා නිසා.”

“අපි මුහුණ දෙන අභියෝග කුමක් වුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ස්ථාවර කණ්ඩායමක් ලෙස අපි ආණ්ඩු පක්ෂයෙන් ස්වාධීනව ඉදිරි දේශපාලන කටයුතු සිදු කරනවා. ඉදිරියේදී අපි අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර නිවැරදි තත්ත්වය ජනතාව දැනුවත් කරනවා” යැයි ඒ මහතා ප්වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

Latest News

More like this

‘රන්වල හොඳ මිනිසෙකි’ ආණ්ඩුවේ ස්ථාවරය එළියට

"රංවල.. හොඳ මිනිසෙකි... ඔහු ගැන නොදන්නා අයට අනුකම්පා කරමු.."...

අනුරනේ ඔක්කොම කරන්නේ… 159ක් යැව්වෙ බම්බු ගහන්නද?

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට රට පාලනය කිරීම සඳහා...

රන්වල ගැන අපි පක්ෂයක් ලෙස වගකියනවා – එරංග ගුණසේකර

ජාතික ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වන අශෝක...

සපුගස්කන්ද OIC ට එරෙහි විමර්ශනය හරි.. රන්වලට එරෙහි විමර්ශනය කවදාද?

පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වලගේ ජීප් රිය අනතුර ලක්වීමෙන් පසු...