යක්කල මහල් නිවාස සංකීර්ණයක එක්දරු මවක් අභිරහස් ලෙස මියයයි..

යක්කල බෝගමුව ප්‍රදේශයේ කොළඹ නුවර මාර්ගයට ආසන්නයේ පිහිටි පස්මහල් ගොඩනැඟිල්ලක සිව් වන මහලින් ඇද වැටී චතුරිකා මදුශානි නම් අවුරුදු 31ක් වයසැති එක් දරු මවක් ඊයේ(17) අලුයම 12.30ට පමණ මිය ගොස් ඇති බව බෙම්මුල්ල පොලිසිය පවසයි.

මිය ගිය කාන්තාව සැමියා හා අවුරුදු 07ක් වයසැති දියණිය සමග මෙම මහල් නිවාස සංකීර්ණයේ කුලී පදනම මත ජීවත්ව ඇත. අදාළ මරණය සැක සහිත බවත්, මියගිය කාන්තාවගේ සැමියා කැඳවා ප‍්‍රකාශ සටහන් කර ගත් බවත් බෙම්මුල්ල පොලිසිය පවසයි.

මියගිය කාන්තාව හා සැමියා අතර නිරන්තරයෙන් ආරවුල් පැවති බවත්, එදින රාත‍්‍රියේද ඔවුන් අතර අඩදබර ඇති වූ බව මියගිය කාන්තාවගේ දියණිය පොලිසියට පවසා ඇත.

මියගිය කාන්තාවගේ මළ සිරුර මේ වන විට ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් ස්ථානීය පරීක්ෂණය සිදු කළ අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය පැවතීමට නියමිතව ඇත. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන ක‍්‍රියාත්මක වෙමින් පවතී.

Latest News

More like this

විමුක්ති ගැන පළමු වරට හිටපු ජනපතිනියගෙන් ඉඟියක්..

2029 ජනපතිවරණයට මෙරට ප්‍රබල දේශපාලන පවුල් පසුබිමකින් පැවත එන...

6 ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලය සමලිංගික කිරීමේ වගකීම කාගේද?

රජය විසින් හඳුන්වා දෙනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ...

අනුර සහ පැලවත්ත ජවිපෙ මූලස්ථානය අතර සීතල යුද්ධයක්..

ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය අතර සීතල...

ඇමති ජනමාධ්‍ය වලට එරෙහිව පිහිය මුවාත් තබයි…

මහජන සෞඛ්‍යයට අදාළ හානි දායක පුවත් වාර්තා කළහොත් අනිවාර්යයෙන්...