රනිල්ගේ ප්‍රොජෙක්ට් එකට තරුණ සේවා සභාව සහ රාජ්‍ය දේපළ අවභාවිත කරන හැටි

බලහත්කාරී ලෙස ජන වරමකින් තොරව ජනාධිපති වී සිටින රනිල් වික්‍රමසිංහ ජනපතිවරයාගේ අලුත්ම ප්‍රචාරණ උපක්‍රමය බවට පත් වී ඇත්තේ ජාතික තරුණ සේවා සභාව බවත් ජනාධිපති ලේකම් කාර්යාලය මැදිහත් වී මහනුවර ජනාධිපති මන්දිරයේ දී පැවැත්වූ “යූත් සමිට් – 2024” යන ව්‍යාපෘතිය සඳහා ජාතික තරුණ සේවා සභාවේ තරුණියන් ගෙන්වා ගෙන ඇති බව සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර පවසනවා.

මහනුවර දිස්ත්‍රික්කයේ තරුණ සේවා සභා සහකාර අධ්‍යක්ෂ, නිකුත් කර තිබෙන ලිපියකට අනුව තරුණ තරුණියන් 500ක් සවස 2.00 වන විට මහනුවර ජානාධිපති මන්දිරයට සම්බන්ධ කිරීමත්, තරුණ සේවා නිලධාරීන් ඒ වෙනුවෙන් නිශ්චිත රාජකාරිමය පැවරීම මගින් යොදා ගැනීමත්, ප්‍රවාහන පහසුකම්වලට බස්රථ අටක් යොදවා තිබීම සහ මුදල් වෙන්කර තිබීමත්, ජනාධිපති වෙත අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට සුදුසු තරමින් හඳුනාගෙන ඒ අයගේ නාමලේඛනය එදිනට පෙර දැනුම් දීමත් යන කටයුතු පවරා ඇති අයුරු දැක්වෙනවා.

යෞවන සමාජ දිස්ත්‍රික් ලේකම් වෙත යවන ලද ලිපියේ ඒ වෙනුවෙන් රජයේ නිලධාරීන් වෙතද රාජකාරි පවරා ඇති ආකාරය ද දැකගත හැකියි.

මේ පිළිබඳ අදහස් දක්වනින් එරංග දැක් වූ අදහස් මෙසේය

“තරුණ සේවා සභාවෙන් යැවූ ලිපියට අමතරව රනිල් වික්‍රමසිංහලා මාධ්‍යයට මුදා හැරි ප්‍රචාරක පෝස්ට් එකක් තිබෙනවා. එහි සඳහන් කර තිබෙන්නේ “මගෙන් පටන් ගමු, තරුණ සමුළුව” කියලා.

ඒ වගේම සංගීත ප්‍රසංගයකුත් පැවත්වා දේශපාලන ප්‍රොජට් එක දියත් කර තිබෙනවා. ඔවුන්ගේ දේශපාලන රැලි පැවැත්වූවාට අපේ කිසිම විරෝධයක් නැහැ. මෙතන තිබෙන ප්‍රශ්නය ජනාධිපති ධුරයේ බලය, ව්‍යවස්ථාව, මහජන මුදල් සහ රාජ්‍ය ආයතන යොදා ගනිමින් දේශපාලනය කිරීමයි. මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න නම්, ව්‍යාපෘති වාර්තාවක් මුලින්ම ඉදිරිපත් කරන්න ඕනෑ. ඒ ව්‍යාපෘති වාර්තාව කොහෙද කියා අපි ප්‍රශ්න කරනවා. ඒ වගේම රනිල්ගේ තරුණ සමුළුව කරන්න තරුණ සේවා සභාවේ මුදල් වෙන්කරන්නේ, ජනාධිපති මන්දිරය යොදා ගන්නේ කොහොමද? ඒ වගේම රනිල්ගෙන් ප්‍රශ්න අහන්න තරුණ තරුණියන් තෝරා ගැනීමේ වගකීම පවරා තිබෙන්නේ රාජ්‍ය නිලධාරීන්ට. තරුණ සේවා සභාව ගොඩනඟා තිබෙන්නේ රනිල්ගේ දේශපාලන ප්‍රොජට් කරන්නද?”

Latest News

More like this

30% තීරුබදු අඩු කර ගැනීමට ආණ්ඩුවෙන් දෙවැනි මෙහෙයුමක්…

ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා ඇමරිකානු රජය...

ජනපති අපනයන ක්ෂේත්‍රයේ පාර්ශවකරුන් හමුවෙයි

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් එරටට ආනයනය කරනු ලබන...

SLIIT මගඩිය ගැන මෛත්‍රී, රනිල් ඇතුළු යහපාලන කැබිනට් මණ්ඩලයටම චෝදනා

මහපොළ ශිෂ්‍යත්ව අරමුදල යටතේ ඇති ආයතනයක් වන SLIIT ආයතනයට...

හෂාන් තිලකරත්නගේ බිරිඳ අප්සාරි නිතී විරෝධී වැඩක් කරයි

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතාගේ බිරිඳවන...
error: Content is protected !!