රනිල් උගුල් අටවමින් දුවනවා. අපි අන්තිම වටේදී හරි එයාව කොටු කරනවා

ජන්දයට දින දෙමින් රනිල් වික්‍රමසිංහ බොරු වලවල් කපමින් උගුල් අටවමින් ගියද අවසාන මොහොතේ හෝ කොටු කරගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.

ඒ අද (18) අලුත් දිශාවකට අලුත් ඇරඹුමක් යන මැයෙන් මාලිමාව වෙනුවෙන් සරසවි ප්‍රජාව මහ සමුළුව අමතමිනි.

ඒ අනුව මේ මැරතන් එක ජයග්‍රහණය කරන්නේ පොදු ජනතාවගේ බලවේගය බවයි දිසානායක මහතා අවධාරණය කළේ.

පවතින තත්ත්වය අනුව අප්‍රේල් 25 ත් ජන්දයක් නොමැති අතර මැතිවරණයට මුහුණ දිය නොහැකි තරමටම ඔවුන් නිර්මාණය කළ අර්බුදය ඔවුන්ටම බලපා තිබෙන බව හෙතෙම සඳහන් කරන ලදී.

”අධිකරණ තීන්දු පවා ඒ අයට වාසි නම් විතරක් හොදයි කියනවා. නැත්නම් ඔවුන්ට අවාසි නම් පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ වරප්‍රසාද කඩ වෙනවා කියලා කියනවා. මේ වන විට විශාල පිරිසක් විධායක ශ්‍රේණියේ රැකියා අතහැරමින් සිටිනවා. මේ සිදුවෙන්නේ එක් සමාජ ක්‍රමයක ඓතිහාසික අවසානයයි. නමුත් ඔවුන් සාමකාමී ලෙස වේදිකාවෙන් බැස යන්නේ නෑ. වෘත්තීයවේදීන්ගේ සාධාරණ ප්‍රශ්නයකටවත් පිළිතුරක් ලබා දෙන්න බැරි තත්වයට ඒ අය පත් වෙලා. දැන් සරසවි සිසුන්ට කැළණිය විශ්වවිද්‍යාලය ළඟට එන්න බෑ ගහලා එලවනවා. ඒ අය ඒ තරම් අර්බුදයක ඉන්නේ. පොදු ජන රැල්ලක් නිර්මාණය වනවාට ඔවුන් බයයි. විලිරුදාවෙන් පෙළෙන ගැබිණි මාතාවකගේ තත්ත්වයට ලංකාව පත් වෙලා. අපි වඩාත් කැමති ස්වාභාවික දරු උපතකට. රනිල් වික්‍රමසිංහ හිතන් ඉන්නේ අපි මීටර් 100 දුවන්න ඇවිත් කියලා. නෑ අපි ආවේ මැරතන් එකක් දුවන්න.” යනුවෙන් අනුර දිසානායක මහතා තවදුරටත් අදහස් දැක්වූයේය.

Latest News

More like this

සපුගස්කන්ද OIC ට එරෙහි විමර්ශනය හරි.. රන්වලට එරෙහි විමර්ශනය කවදාද?

පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වලගේ ජීප් රිය අනතුර ලක්වීමෙන් පසු...

රට හදන්න සිරිසේන පවුලෙනුත් කෝටි 10ක්

අරලිය සමූහ ව්‍යාපාරය මඟින් හදිසි ආපදා තත්වය හේතුවෙන් විපතට...

තනි මිනිහෙක්ගෙන් රටක් පාලනය කරන්න පුළුවන්ද..?

ජනාධිපතිවරණය, මහ මැතිවරණ සහ ප්‍රාදේශීය සභා මැතිවරණයේදී අපගේ මාධ්‍ය...

රන්වල අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් ජාතික රෝහලට..

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක රන්වල අත්අඩංගුවට ගැනීම...