රස්තියාදුකාරයෙක් නෙවෙයි මැරයෙක් වගේ ගුවන්තොටුපළේ හැසිරුණු ප්‍රසන්න දැන් කියන කතාව..

ගමන් මළු ප්‍රවාහනය කරදෙන පුද්ගලයෙකුට තමන් විසින් කනට පහරක් ගැසූ බවත් වරදක් සිදු වු බව පිළිගන්නා බවත් රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවිර මහතා පවසනවා.

“මං සල්ලි දුන්නට පස්සෙ සල්ලි මදි කියල ගෙනියන්න බෑ කිවුව. මට එවෙලෙ ඇත්තටම කේන්ති ගියා. තමුසෙ කවුද කියලා ඇහුවම මට ඇත්තටම කේන්ති ගියා.

අපි වගේ මිනිස්සුන්ටත් මෙහෙම කරනවනම් අහිංසක දුප්පත් මිනිස්සුන්ට කොහොම කරනවා ඇත්ද.

මං පැත්තකට අරන් ගිහිල්ලා එහෙම කියලා මම කනේ පහරක් ගැහුවා ඒක ඇත්ත. ඊට පස්සේ තමයි ඒ මනුස්සයා මාව අඳුරගත්තේ”

කටුනායක ගුවන්තොටුපලේ ගුවන් මගීන්ගේ භාණ්ඩ ප්‍රවාහනය සඳහා පෝටරවරයෙකු රුපියල් දහසක මුදලක් අය කරන බව දැන්වීම් පුවරු මගින් ප්‍රදර්ශනය කර තිබෙනවා.

අමාත්‍යවරයා විසින් ඔහුට ලබා දී තිබුණේ රුපියල් හත්සීයක් පමණක් බැවින් අදාළ පෝටර්වරයා ඉතිරි මුදල ඉල්ලා ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේවෙතත් ඉන්පසු ප්‍රසන්න රණවීර පෝටර්වරයා පැත්තකට රැගෙන ගොස් ඔහුට පහර දෙන ආකාරය කැමරාවල සටහන් වුණා.

මෑතකදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසුවේ ගුවන්තොටුපළ තුළ එසේ රස්තියාදුකාරයන් ලෙස හැසිරීමට නොහැකි බවයි.

Latest News

More like this

ජනපතිගේ ආරක්ෂක රථ පෙළ හදිසියේ වැඩි වුණේ ඇයි

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් රට තුළ ඇති වූ හදිසි...

‘දිට්වා’ නොතැකූ බව කියමින් ජනපති, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව නඩු පැවරීමේ මෙහෙයුමක්

'දිට්වා' සුළි කුණාටුව පිළිබඳ කාලගුණ දෙපාර්තමේන්තුව විසින් දැනුවත් කර...

‘දිට්වා’ විනාශය සුනාමියට වඩා දසගුණයකින් වැඩියි

'දිට්වා’ සුළි කුණාටුවෙන් රටට සිදු වූ ආර්ථික අලාභය 2004...

දිට්වා ගැන ඉන්දීය කාලගුණ අංශ පූර්ව අනතුරු ඇඟවුම් කළ බව ජ්‍යාත්‍යන්තර මාධ්‍ය රැසක් තහවුරු කරයි

දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ කාලගුණ අංශ මෙන්ම...