විදේශීය වෛද්‍ය උපාධි සඳහා ශ්‍රී ලංකාවේ පිළිගැනීමට අවසර හිමි වේ

ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාලවලින් පිරිනමන වෛද්‍ය උපාධි ශ්‍රී ලංකාවේ පිළිගත් වෛද්‍ය උපාධි ලෙස පිළිගැනීමට රජය තීරණය කර තිබෙනවා.

මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාලවලින් පිරිනමනු ලබන වෛද්‍ය උපාධි පාඨමාලා පිළිගැනීම මත පදනම් වූ ප්‍රමිති සහ නිර්ණායක ඇතුළත් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට අනුමැතිය හිමි වුණා.

වෛද්‍ය ආඥා පනතේ විධිවිධාන වත්මන් අවශ්‍යතාවලට සරිලන පරිදි සංශෝධනය කිරීමට සුදුසු නිර්දේශ ඉදිරිපත් කරන ලෙසද මෙහිදී ඉල්ලා සිටියා.

මේ අනුව අංක 1 සිට 1000 දක්වා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් තුළ විදේශීය විශ්වවිද්‍යාල විසින් පිරිනමනු ලබන වෛද්‍ය උපාධි සඳහා ශ්‍රී ලංකාව තුළ පිළිගැනීම හිමි වෙනවා.

Latest News

More like this

ජාතික රෝහලේ හදවත් සැත්කම් සඳහා 5000ක් පෝළිමේ බලා සිටී…

කොළඹ ජාතික රෝහලේ හදවත් සැත්කම් සඳහා දැනට රෝගීන් 5,000...

ජන මාධ්‍ය ස්වයං නියාමනය කිරීමට සොයා බැලිය යුතුයි.. නිලන්ති කොට්ටහච්චි

ජන මාධ්‍ය ස්වයං නියාමනය සිදු විය යුත්තේ කෙසේද යන්න...

සංහිඳියාවෙන් යුත් රටක් සඳහා ජනපති විපක්ෂය ඒකාබද්ධ කිරීමේ මෙහෙයුමක

මෙරට සෑම පුරවැසියෙකුටම සියලු ආගමික සහ සංස්කෘතික අනන්‍යතාවලට ගරු...

අපි නැවක් හැදුවා.. ලැබෙන මුල්ම අවස්ථාවේ හැප්පිලා ආණ්ඩුව කුඩුපට්ටම් කරනවා… නාමල්

විපක්ෂයේ පක්ෂ විශාල ප්‍රමාණයක් ඒකාබද්ධ කරමින් තමන් නැවක් නිර්මාණය...