ශ්‍රී ලංකා ක්‍රිකට් ජංජාලය : SLC විසුරුවා හැරීම නිවුස් ඇලර්ට්වලින් දැනගත් ජනාධිපතිතුමා ක්‍රීඩා අමාත්‍යවරයා ඇමතූ හැටි

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා තමාගෙන් නොවිමසා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය භාර ගැනීම සඳහා හිටපු ක්‍රිකට් ක්‍රීඩක අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් අතුරු කමිටුවක් පත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහමහතාගේ කෝපයට හේතු වූ බව ඊයේ (06) වාර්තා වුණා.

කෝපයට පත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රණසිංහ මහතාට දුරකතනයෙන් කතා කර තමාගෙන් හෝ කැබිනට් මණ්ඩලයෙන් විමසීමක් නොකර මෙවැනි පියවරක් ගත්තේ මන්දැයි වහාම පැහැදිලි කරන ලෙස ඉල්ලා තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවා අතුරු කමිටුවක් පත්කළ බව ජනාධිපතිවරයා දැනගෙන ඇත්තේ ඒ සම්බන්ධ ප්‍රවෘත්ති මාධ්‍යවල වාර්තා වීමෙන් පසුව බවයි ජනාධිපතිවරයා පවසා ඇත්තේ.

වහාම ඊයේ සවස පැවැත්වෙන කැබිනට් රැස්වීමට පැමිණෙන ලෙස ජනාධිපතිවරයා ක්‍රීඩා අමාත්‍යවරයාට මෙහි දී දැනුම් දී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය දේශපාලනීකරණය කිරීමෙන් ශ්‍රී ලංකාවට ICC සාමාජිකත්වය අහිමි වන බවත් ලෝක කුසලාන තරඟාවලිය පැවැත්වෙන අවස්ථාවේදී මෙවැනි හදිසි පියවරක් ගත්තේ මන්දැයි ද ජනාධිපතිවරයා දැඩි ලෙස විමසූ බව සඳහන්.

ජනාධිපතිවරයා කවුදැයි මතක තබා ගන්නා ලෙසත්, එවැනි පියවරක් ගැනීමට පෙර ඔහු කැබිනට් මණ්ඩලයෙන් උපදෙස් ලබා ගත යුතුව තිබූ බවත් ඔහුට තරයේ පවසා තිබෙනවා.

පසුව ඊයේ සවස කැබිනට් මණ්ඩලය රැස් වූ අවස්ථාවේදී රණසිංහ මහතා තනි තීරණයක් ගත්තේ ඇයි දැයි ජනාධිපති වික්‍රමසිංහ මහතා රණසිංහ මහතාගෙන් ඇමැතිවරුන් හමුවේ ප්‍රශ්න කළ අතර අමාත්‍යවරුන් ද ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රශ්ණ කර සිටියා.

විශ්‍රාමික විනිසුරුවරුන් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ කටයුතු මෙහෙයවන්නේ කෙසේද යන්න සහ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ සහ ඒ.ජේ.එම්.මුසම්මිල්ගේ පුත් හිෂාම් ජමාල්ඩීන් කමිටුවට පත් කළේ කුමන අරමුණක් වෙනුවෙන් දැයි එහි දී ප්‍රශ්ණ කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය එක් කමිටුවකින් කළ යුතු අතර විෂමාචාර චෝදනා වෙනත් කමිටුවකින් කළ යුතු බව කැබිනට් මණ්ඩලය මෙහි දි පැවසුවා.

එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා විදේශ අමාත්‍ය අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් සිව් පුද්ගල අමාත්‍ය කමිටුවක් පත් කරනු ලැබුවා.

Latest News

More like this

පුටුවෙන් ඇද වැටුණු බැසිල් නොවැම්බර් 21 නාමල් නැගිට්ටවන්න එයි?

එළැඹෙන නොවැම්බර් 21 වැනිදා පොදු ජන පෙරමුණ සමඟ නාමල්...

බංගලාදේශ හිටපු අගමැතිනිය එල්ලුම් ගහට

බංග්ලාදේශයේ බලයෙන් පහ කරන ලද හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට...

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...