ශ්‍රී ලංකා ක්‍රිකට් නව අතුරු කමිටුව පිළිබඳ දැනුම්වත් නොකිරීම නිසා ජනපති සහ ක්‍රීඩා ඇමති අතර ආරවුලක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පත්කළ නව අතුරු කමිටුව පිළිබඳව ජනාධිපතිවරයාට දැනුම්දීමක් නොකිරීමත් සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතර මතභේදයක් මතුව ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ වැඩ තහනම් කරමින් අර්ජුන රණතුංගගේ ප්‍රධානත්වයෙන් නව අතුරු කමිටුවක් පත් කෙරිණි.

එම නම් ගැසට් කර ඇත්තේ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ජනාධිපතිවරයාට දැනුම් දීමකින් තොරවයි.

මෙම හදිසි පියවරෙන් ජනාධිපතිවරයා කෝපයට පත් වී ඇති බව ආරංචි මාර්ග පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතා අද (06) සවස පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී රොෂාන් රණසිංහ මහතා සමඟ මේ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.

Latest News

More like this

එළවළු මිල අසාමාන්‍ය ලෙස නඟී..

අධික වර්ෂාව නිසා පළාත් රැසක භෝග වගාවන් විශාල වශයෙන්...

දැන් වයසයිනේ… නාමල්ගෙන් මහින්දගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ප්‍රකාශයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේ කොළඹ පෞද්ගලික රෝහලකය...