හෝමාගම නගරයේ පවත්වාගෙන යනු ලබන පෞද්ගලික ආයතනයකට අයත් උද්‍යානයක ආවරණය කළ කුඩා ප්‍රමාණයේ කාමර තුළ(විවෘත) බාලවයස්කාර දරුවන් අශෝභන ලෙස හැසිරෙන බවට ලැබුණු පැමිණිල්ලක් මත හෝමාගම මූලස්ථාන පොලිසිය එම ස්ථනයේ වැටලීමක් සිදු කළ බව මාධ්‍ය වාර්තා කර අතර එම වැටලීම් සිදු කරන අවස්ථාවේ ලබා ගත් වීඩියෝ පට කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍යතුළ සංසරණය වෙනවා.
තම දරුවන් සමග අදාළ උද්‍යානයට යාමේදී පාසල් වයසේ දරුවන් ආවරණය කළ කුඩා කාමර තුළ නොහොබිනා අයුරින් හැසිරෙන බවටත් ඒ සඳහා කඩිනමින් පියවරක් ගන්නා ලෙසටත් දැනුම්දෙමින් ප්‍රදේශයේ දෙමාපියන් සහ ආගමික නායකයින් සිදුකළ පැමිණිල්ලක් මත හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ලබාගත් සෝදිසි කිරීමේ නියෝගයක් අනුව එම වැටලීම සිදුකර ඇති බව යි වාර්තා වෙන්නේ.
එම අවස්ථාවේ දී අශෝභන ලෙස හැසිරෙමින් කාමර තුළ සිටි බවට පොලිසිය පවසන තරුණ ජෝඩු 24ක් පමණ පොලිස් භාරයට පත්ව ඇති අතර එක් පොලිස් නිලධාරියෙක් එම දැරියන්ගේ භාරකරුවන්ට දුරකතන ඇමතුම් ලබා දෙන ලෙසට බලපෑම් කරන ආකරාය එම වීඩියෝ දර්ශනවල සටහන් වී තිබෙනවා.
එම වැටලීම සිදු කළ අවස්ථාවේ දී එම ස්ථානයේ සිදු වූ දර්ශන සමාජ මාධ්‍ය සහ මාධ්‍ය වෙත පත්වීම බරපතල තත්ත්වයකි.
පොලිසිය මෙලෙස ක්‍රියාකරන්නේ පොලිස්පතිවරයා විසින් මීට පෙර කාන්තාවන් සහ ළමයින් සම්බන්ධ විමර්ශන කිරීමේ දී ඔවුන්ගේ අනන්‍යතාව ආරක්ෂා කිරීමත් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත් පිළිබඳ දැඩිව සැළකිලිමත් වන ලෙසට විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබිය දීය.
ලිංගික සේවා සපයන කාන්තාවන්, සම්බාහන ආයතන වැටලීම්වල දී මාධ්‍යවේදීන් සහභාගී කර නොගන්නා ලෙසට හා එම මෙහෙයුම් පටිගත නොකරන ලෙසට උපදෙස් දී තිබෙනවා.
තව ද සංක්‍රාන්ති ලිංගිකයන් සහ සමරිසි පුද්ගලයන් සම්බන්ධයෙන් ද කටයුතු කිරීමේ දී ඔවුන්ගේ අනන්‍යතාව දැඩිව ආරක්ෂා කරන ලෙස ද පොලිස්පතිවරයා නිකුත්කළ විශේෂ චක්‍රලේඛයේ අවධාරණය කර තිබෙනවා.
එවැනි තත්ත්වයක දී අධිකරණ නියෝගයක් ලබා ගනිමින් එම ස්ථානයට පැමිණි පොලිසියට පාසල් වියේ පසුවන එම දරුවන් වීඩියෝගත කර මාධ්‍ය වෙත මුදාහැරීමට ද කිසියම් හෝ අයිතියක් නොමැත.
සංස්කෘතිය හෝ සදාචාරය රැක ගැනීමට ඉදිරියට එන මෙවැනි නිලධාරීන්ට ද අවම හෝ සදාචාරයක් තිබිය යුතුය.


