සාරාංශය:
2027 ජනවාරි 1 වැනිදා සිට ඊශ්රායලයේ රැකියා සඳහා ශ්රී ලාංකිකයන් බඳවා ගැනීම රජයෙන් රජයට සිදුවන ක්රමවේදයක් යටතේ පමණක් සිදුකිරීමට තීරණය කර තිබෙනවා. පෞද්ගලික විදේශ රැකියා ආයතන හරහා බඳවා ගැනීම දෙසැම්බර් 31 වැනිදා අවසන් වන අතර, නව බඳවා ගැනීමේ ක්රමවේදය තවමත් ප්රකාශයට පත් කර නැහැ.
Summary:
Sri Lankan workers seeking employment in Israel will be recruited exclusively through a Government-to-Government arrangement from January 1, 2027. Private agency recruitment will end on December 31, 2026.
ඊශ්රායලයේ රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින අයට දැන් දැනගත යුතු විශේෂ වෙනසක් තිබෙනවා…
(Lakvahini) – ඊශ්රායලයේ රැකියාවක් ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්රී ලාංකිකයන්ට වැදගත් තීරණයක් විදේශ රැකියා ක්ෂේත්රයෙන් වාර්තා වෙනවා.
ඒ අනුව 2027 ජනවාරි 1 වැනිදා සිට ඊශ්රායලයේ රැකියා සඳහා ශ්රී ලාංකිකයන් බඳවා ගැනීම රජයෙන් රජයට සිදුවන ගිවිසුම් ක්රමවේදයක් යටතේ පමණක් ක්රියාත්මක කිරීමට ඊශ්රායල රජය තීරණය කර තිබෙනවා.
දැනට ක්රියාත්මක වන බලපත්රලාභී පෞද්ගලික විදේශ රැකියා ආයතන හරහා බඳවා ගැනීමේ ක්රමය දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වන බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරනවා.
ඉදිකිරීම්, කර්මාන්ත, වාණිජ සහ සේවා ඇතුළු අංශවල රැකියා සඳහා මෙම වෙනස අදාළ වනවා.
කෙසේ වෙතත් 2027 වසර සඳහා බඳවා ගන්නා සේවක සංඛ්යාව, අයදුම් කිරීමේ ක්රමය සහ තෝරාගැනීමේ නිර්ණායක තවමත් ප්රකාශයට පත් කර නැහැ.
ඒ නිසා ඊශ්රායලයේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් ඉල්ලන පුද්ගලයන්ට හෝ ආයතනවලට මුදල් ලබා නොදෙන ලෙසත්, නිල දැනුම්දීමක් ලැබෙන තුරු පෞද්ගලික සම්මුඛ පරීක්ෂණ සහ තේරීම් ක්රියාවලීන්ට සහභාගී නොවන ලෙසත් බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.
දැනටමත් නීත්යනුකූලව මුදල් ගෙවා ඇති අය අනවශ්ය ලෙස කලබල විය යුතු නැති බවත්, ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි උපදෙස් නිල වශයෙන් දැනුම් දෙන බවත් සඳහන්.
විදේශ රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින අයට මේ වෙනස ගැන දැනුවත් වීම ඉතා වැදගත්.
#SriLanka #IsraelJobs #ForeignEmployment #SLBFE #SriLankanWorkers


