සාරාංශය:
Miss Universe Sri Lanka 2026 නිම්හාරා සසින්දි, 75 වැනි Miss Universe තරගාවලියට සහභාගී වීම සඳහා Puerto Rico බලා පිටත්ව යාමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින්, තම Sash එකේ සටහන්ව ඇත්තේ තම නම නොව ශ්‍රී ලංකාව බව අවධාරණය කළා. රටේ සංස්කෘතිය, අභිමානය සහ ජනතාවගේ විශ්වාසය ලෝක වේදිකාවට රැගෙන යාම තම බලාපොරොත්තුව බවත් ඇය සඳහන් කළා.
Summary:
Miss Universe Sri Lanka 2026 Nimhara Sasindi departed for Puerto Rico to represent the country at the 75th Miss Universe competition. Before leaving, she said her sash carries the name of Sri Lanka, not her own, highlighting her commitment to representing the country’s culture, dignity and resilience on the global stage.
“මේ Sash එකේ තියෙන්නේ මගේ නම නෙවෙයි… ලංකාව!”
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝක රූ රැජින වේදිකාවට යන නිම්හාරා සසින්දිගේ මේ වචන කිහිපය තුළ ඇගේ ගමනේ සැබෑ අර්ථය පැහැදිලිවම දකින්න පුළුවන්. 🇱🇰❤️
(Lakvahini) – Miss Universe Sri Lanka 2026 කිරුළ දිනාගත් නිම්හාරා සසින්දි, 75 වැනි Miss Universe තරගාවලියට සහභාගී වීම සඳහා අද (07) උදෑසන Puerto Rico බලා පිටත්ව ගියා.
ඇය පිටත්ව යාමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, තමන්ට මෙය ඉතා විශේෂ, හැඟීම්බර සහ ආඩම්බරයට පත්වන මොහොතක් බවයි.
ඒ අතරින් ඇය කළ එක් ප්‍රකාශයක් විශේෂයෙන් අවධානයට ලක්වුණා.
“මේ Sash එකේ තියෙන්නේ ලංකාව කියලා ගහලා, මගේ නම නෙමෙයි.”
නිම්හාරා කියන්නේ තමන් මේ ජාත්‍යන්තර වේදිකාවට යන්නේ තමන් වෙනුවෙන් පමණක් නොවන බවයි. ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, අභිමානය සහ අභියෝග හමුවේ නොසැලී ඉදිරියට යන ශක්තිය ලෝකය ඉදිරියේ නියෝජනය කිරීම තමන්ගේ අරමුණ බවත් ඇය සඳහන් කළා.
“මට ඇත්තටම අවශ්‍ය හැමෝම ආඩම්බරයට පත් කරන්න” යනුවෙන් පැවසූ ඇය, මේ ගමන වෙනුවෙන් දිවා රෑ නොබලා කැපවුණු ජාතික අධ්‍යක්ෂවරයාටත්, තමන් වෙනුවෙන් නිර්මාණ කටයුතුවල නිරත වූ නිර්මාණකරුවන්ටත් ස්තුතිය පළ කළා.
ඒ වගේම මේ ගමනේදී තමන්ට ලැබුණු පවුලේ සහයෝගය ගැනත් ඇය කතා කළා.
තම මව, පියා සහ සහකරු තමන්ගේ ශක්තිය බවත්, ඔවුන්ගෙන් ලැබුණු ආදරය සහ සහයෝගය වඩා හොඳින් ඉදිරියට යාමට තමන්ව දිරිමත් කළ බවත් නිම්හාරා පැවසුවා.
විශේෂයෙන්ම බොහෝ තරුණියන්ට තමන්ට ලැබුණු ආකාරයේ සහයෝගයක් නොලැබෙන බව දකින නිසා, එවැනි සහයෝගයක් ලැබීම ගැන තමන් ඉතා වාසනාවන්ත බවත් ඇය සඳහන් කළා.
මෙවර Miss Universe තරගාවලිය තවත් විශේෂ වන්නේ එය තරගාවලියේ 75 වැනි සංවත්සරය සනිටුහන් කරන අවස්ථාව වීමයි. රටවල් සහ ප්‍රදේශ 121ක් නියෝජනය කරන තරගකාරියන් Puerto Rico වෙත පැමිණීමට නියමිත අතර, අවසන් මහා තරගය නොවැම්බර් 24 වැනිදා San Juan හි Coliseo de Puerto Rico José Miguel Agrelot ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
නික්ම යාමට පෙර නිම්හාරා අවසානයේ කළ ආරාධනයත් විශේෂයි.
“ශ්‍රී ලංකා! Let’s make this a victory!”
ඇයගේ මේ ගමනේදී කිරුළක් දිනාගැනීමේ බලාපොරොත්තුව පමණක් නොව, ශ්‍රී ලංකාවේ නම ලෝකය ඉදිරියේ ගෞරවයෙන් නියෝජනය කිරීමේ වගකීමත් තිබෙනවා.
නිම්හාරා සසින්දි, ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔබට ජයග්‍රාහී ගමනක් වේවා!
අපේ රටේ නම ලෝක වේදිකාවට රැගෙන යන නිම්හාරාට ඔබේ සුබපැතුමත් එක් කරමු.
#NimharaSasindi #MissUniverse2026 #MissUniverseSriLanka #SriLanka

