අරගලයට තුවක්කුව පාවිච්චි කළා නම් ගෝඨාට වෙන දේ සහ බංගලාදේශේ වුණු දේ..

පොහොට්ටුවේ අය කියන ජනප්‍රිය කතාවක් තමයි ගෝල්ෆේස් එකට සෙනග එකතු වුණු පළවෙනි දවස් දෙක තුනේ ම ගෝඨාභය හමුදාව දාලා, වෙඩි තියලා ඒ අය විසුරුවලා හැරියා නම් අරගලය එතැනින් ඉවරයි කියන එක.

එහෙම හමුදාව දාලා වෙඩි තිබ්බා නම් මොකද වෙන්නේ කියන එකට හොඳ ම උදාහරණය අද බංගලිදේශයේ පෙනෙන්න තියෙනවා.

මිනිසුන් 300ක් මැරිලා. ෂීක් හසිනා ඇඳිවත පිටින් ම පලා ගිහිල්ලා. මිනිස්සු හසීනා ගේ ඇඳ උඩ ඉඳගෙන සෙල්ෆී ගහනවා. පාලනය තාවකාලිකව හමුදාව අතට ගිහිල්ල. හෙට දවසේ මොනවා වෙයිද කවුරුත් දන්නේ නැහැ.

ලංකාවේත් ඒ වෙලාවේ ඒ සෙල්ලම කරන්න ගියා නම් පාලකයන් ගේ යට ඇඳුමවත් ඉතුරු වෙන්නේ නැහැ.

මේක තමයි සෘජු ජනතා ක්‍රියාමාර්ගවල විදිහ. බංග්ලාදේශය කියන්නේ සෘජු ජනතා ක්‍රියාමාර්ග ගැන, හමුදා කුමන්ත්‍රණ ගැන අත්දැකීම් තියෙන රටක්. ලංකාවේ සෘජු ජනතා ක්‍රියාමාර්ගයකින් ආණ්ඩුවක් පන්නා දැමීම ගැන මුල් ම පූර්වාදර්ශය 2022 අරගලය. ඒකෙ තීරණාත්මක මොහොත ගෝඨාභය පන්නලා දාපු එක. ඒක කරලා අති බහුතරයක් මිනිස්සු ආපහු ගෙවල්වලට ගියා.

වර්තමානයේ ලෝකය පුරා ම සෘජු ජනතා ක්‍රියාමාර්ගවල ස්වභාවය එකමයි. ලංකාවේ, කෙන්යාවේ, බංග්ලාදේශයේ වගේ හැම තැන ම තියෙන්නේ එක ම රටාවක්. ඒවායේ දී ඉස්සරහට එන්නේ තරුණ පරපුර. අරගලවල මුහුණුබවට පත්වෙන්නේ සමාජ මාධ්‍යවල ඉන්න චරිත. ජනතාව මොබිලයිස් වෙන්නේ සමාජ මාධ්‍යවලින්. තවදුරටත් ඒවට දේශපාලන පක්ෂ අවශ්‍ය වෙන්නේ නැහැ.

ඉස්සරහට ලංකාවේ බලයට එන මොන ආණ්ඩුවට වුණත් ජනප්‍රියත්වයෙන් පිරිහෙනකොට, මිනිස්සුන්ගේ බලාපොරොත්තු බිඳවැටෙනකොට මේ විදියේ සෘජු ජනතා ක්‍රියාමාර්ගවලට මුහුණ දෙන්න වෙනවා.

එදාට ඒක තුවක්කුවෙන් මර්දනය කරන්න ගියොත් වෙන්නේ ෂීක් හසිනාට වුණ දේමයි.

ෂීක් හසීනා කියන්නේ දේශාපාලනයට නවකයෙක් නෙවෙයි. 2009 ඉඳන් තාමත් එක දිගට බංග්ලාදේශය පාලනය කරන්නේ ෂික් හසීනා. පිට පිට ම මැතිවරණ හතරක් දිනුවා. ප්‍රධාන විපක්ෂය බිමට සමතලා කළා. විපක්ෂයේ නායකයන් හිරේ දැම්මා. ආණ්ඩුවට විරුද්ධව කට ඇරපු අය මර්දනය කළා. යකඩ හස්තයකින් බංග්ලාදේශය පාලනය කළා.

දැන් ඒ ඔක්කොම සෙල්ලම් ඉවරයි. තව කාලෙකට ෂීක් හසීනාට බංග්ලාදේශයේ පස් පාගන්නවත් පුළුවන් වෙයි කියලා හිතන්න බැහැ. දේශපාලනයේ අණසක පතුරුවාගෙන සිටි අවාමි ලීගයේ අනාගතය අවිනිශ්චිතයි.

මේවා දේශපාලනයේ යළි යළිත් ඉගෙන ගත යුතු, යළි යළිත් මතක් කරගත යුතු පාඩම්.

රසික ජයකොඩි

Latest News

More like this

තවත් වසර 40ක් ජීවත් වන බවට 90 වැනි ජන්ම දිනය දා දලයි ලාමාතුමන් කළ ප්‍රකාශය

ටිබෙටයේ බෞද්ධ අධ්‍යාත්මික නායකයා වන දලයි ලාමාතුමන් උන්වහන්සේගේ 90...

රූකඩ වෙන්නෙ නෑ කිව්ව මේ ආණ්ඩුව නටන්නෙත් IMF පදේට.. විපක්ෂ නායක

ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රූකඩ නොවන බව පැවසූ වත්මන් රජය...

ඇමරිකානු පක්ෂය පිහිටවූ මස්ක්ට ඇමරිකාවේ මීළඟ ජනාධිපතිවරයා විය හැකිද?

එක්සත් ජනපදයේ ප්‍රධාන දේශපාලන සන්ධිස්ථානයක් බවට පත් වෙමින් ලොව...

ටෙක්සාස් ගංවතුරෙන් ගිම්හාන කඳවුරක සිටි ගැහැණු ළමුන් 20කට වැඩි පිරිසක් අතුරුදන්…

සිකුරාදා (ජූලි 4) අලුයම එක්සත් ජනපදයේ මධ්‍යම ටෙක්සාස් ප්‍රාන්තයට...
error: Content is protected !!