ෂෙයික් හසීනා පාලනය බිඳ වැටීම පිටුපස විදේශ හස්තයක්

බංගලාදේශයේ අගමැති ෂෙයික් හසීනා බලයෙන් නෙරපා හැරීම පිටුපස පාකිස්තානයේ අන්තර් සේවා බුද්ධි අංශය (ISI) සහ චීනය සිටින බව මේ වන විට පළ වෙන ඇතැම් වාර්තා පෙන්වා දෙනවා.

ඩකාහි අර්බුදය උග්‍ර කිරීමට පාකිස්තාන බුද්ධි අංශ ජමාත් සහ ඔවුන්ගේ ශිෂ්‍ය ඒකකය වන චත්‍ර ශිවිර් (Chhatra Shivir) භාවිතා කර ඇති බවයි එම වාර්තා පවසන්නේ.

ජමාත්, පාකිස්තානය ඉතා සමීපව ඇසුරු කරන අතර ඔවුන්ට වරින් වර රහසිගත අරමුදල් ලබා දෙයි.

ඩකාහි පාක්සිතාන මෙහෙයුම පිළිබඳ ඔවුන් නිතිපතා තොරතුරු වාර්තා ගෙන ඇතැයි සඳහන්.

බංගලාදේශය තුළ හිතවත් ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීම හේතු ගණනාවක් උඩ පාකිස්තානයට සහ චීනයට ඉතාම වැදගත් වූ අතර දිගු කලක් තිස්සේ එය ඔවුන්ගේ අපේක්ෂාවක් ද වෙනවා.

Latest News

error: Content is protected !!