පාර්ලිමේන්තුවත් විසුරුවයි.. ඒ මොහොතේම කලීඩා ෂියාත් හිරෙන් නිදහස්.. බංගලාදේශයේ තත්ත්වය තවත් දරුණු වේ

රට තුළ මතු වූ දැවැන්ත විරෝධතාව හමුවේ අගමැති ෂෙයික් හසීනා ඊයේ(05) අග්‍රාමාත්‍යධුරයෙන් ඉල්ලා අස් වූ අතර අද (06) බංගලාදේශ පාර්ලිමේන්තුව ද විසුරුවා හැර තිබෙනවා.

සිසුන් විසින් මෙහෙයවන විරෝධතාවල සංවිධායකයින් හමුදා නිලධාරීන් හමු වූ අතර තමන් මිලිටරි නායකත්වයෙන් යුත් රජයක් පිළි නොගන්නා බව අවධාරනය කළ බවයි වාර්තා වන්නේ.

ශිෂ්‍ය නායකයන්, දේශපාලනඥයන්, සිවිල් සමාජ සාමාජිකයන්, ජනාධිපතිවරයා සහ හමුදාපතිවරයා හමුවී අවසානයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තීරණය කළා.

ඒ මොහොතේම සිරගත වී පසුවන හිටපු අගමැතිනි සහ ප්‍රධාන විපක්ෂ නායිකා කලීඩා ෂියා (Khaleda Zia) නිදහස් කිරීමට ද නියෝග ලබා දී තිබුණා.

2018 වසරේදී දූෂණ චෝදනා සම්බන්ධයෙන් ඇය වරදකරු වූ අතර වසර 17ක සිර දඬුවමක් නියම කෙරුණා.

Latest News

More like this

“BATMAN” කොටු කළ ශ්‍රී ලංකා පොලිසියේ ධීරවීර ක්‍රියාන්විතය

කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ (WTC) කාර්යාල පසු ගිය දා...

මහින්දව බලා ගැනීම දරුවන් තිදෙනාගේ වැඩක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමාගෙන් ඉල්ලීම් කරන තෙක්...

සජිත් රනිල් එකතු කිරීම යළිත් කරළියට

පවතින දේශපාලන වාතාවරණය හමුවේ නව ගමනක් ආරම්භ කිරීම සඳහා...

විජය කුමාරතුංග රෝහලේ සේවා පුළුල් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු වේ

දිවංගත විජය කුමාරතුංග කලාකරුවා සිහිපත් කරමින් ඉදි කරනු ලැබූ...
error: Content is protected !!