(Lakvahini) – අද අපේ Gossip කෝනර් එකෙන් ගේන්නේ ලංකාවේ හැමෝම දන්න, විශේෂයෙන්ම අපේ සිංහල කෙල්ලන්ගේ අලුත්ම ‘Crush’ එක වෙච්ච එයා ගැන.
කවුද දන්නවාද? හිරු ටීවී එකෙන් ‘රොන් සොයා’ එකේ රාජු විදිහටයි, ‘සෝණු මන්ධාරා’ එකේ සෝණු විදිහටයි අපේ හිත් හොරකම් කරපු දර්ශන් තවරාජා!
පහුගියදා දර්ශන් සහභාගි වුණු ඉන්ටර්වීව් එකකදී එයාගෙන් අහපු අමාරුම ප්‍රශ්න දෙකකට එයා දීපු උත්තර දැන් සමාජ මාධ්‍ය පුරා හැඩවෙනවා.
නිවේදකයා කෙලින්ම ඇහුවා සැබෑ ජීවිතේදී තෝරගන්න වුණොත් දර්ශන් තෝරගන්නේ ‘රොන් සොයා’ එකේ හසරැලිවද, නැත්නම් ‘සෝණු මන්ධාරා’ එකේ මන්ධාරාවද කියලා.
“මම මන්ධාරාගේ ලුක් එකට ගොඩක් ආසයි. නුවරඑළිය වගේ පරිසරයක හැදිච්ච, දිග කොණ්ඩයක් තියෙන කෙල්ලෙක්. මමත් වත්තක හැදිච්ච කෙනෙක් නිසා, මට මන්ධාරා පේන්නේ හරියට ‘Angel’ කෙනෙක් වගේ!”
හැබැයි ඉතින් ගතිගුණ අතින් නම් දෙන්නම හොඳයිලු. හැබැයි දර්ශන්ට ඕනේ ඒ වගේ වෙනස්ම, ලස්සන පරිසරයක හැදුණු කෙනෙක් ලු!
(හ්ම්ම්… නුවරඑළියේ පැත්තේ කෙල්ලන්ට නම් ඉතින් දැන්ම චාන්ස් එකක් තියෙනවා වගේ නේද?) 😉
කෙල්ලෝ හැමෝම බලාගෙන ඉන්න, අහන්න ආසම ප්‍රශ්නය! දර්ශන් මේ වෙද්දී පෙම්වතෙක්ද? එයා බලාපොරොත්තු වෙන්නේ කොයි වගේ කෙනෙක්ද?
“මම හිතන්නේ අපි ඉපදෙන්නේ ආදරය කරලා, ෆැමිලි එක විතරක් බලන් ඉන්න නෙමෙයි. ලෝකෙට වැඩක් කරලා අපේ නම තියලා යන්න. මගේ රංගන ගමනට සපෝට් කරන කෙල්ලෙක් තමයි මට ඕනේ. ඒක කලාවට සම්බන්ධ කෙනෙක් වුණොත් වඩා ලේසි වෙයි.”
එතකොට සින්දු කියන කෙනෙක් වුණොත්? “ඒකත් හොඳයි, බලමු” කියලයි දර්ශන් හිනාවෙලා කිව්වේ.
නමුත්… අවසාන තීරණාත්මක ප්‍රශ්නය! “දැන් ඔයා පෙම්වතෙක්ද නැද්ද?”
මෙන්න දර්ශන් ෂේප් එකේ ලිස්සලා ගිය සුපිරිම උත්තරේ:
“මම පෙම්වතෙක්… මට ආදරේ කරන හැමෝටම!” 😂
Dharshan Thavaraja
