රටට අවශ්‍ය ඒ නායකයා ගේන්න තව දින 48 යි

අපේ රට ශිෂ්ඨ සම්පන්න තැනකට ගෙන ඒමට පුළුවන් ඓතිහාසික පරිවර්තනය සිදු කිරීමට අවශ්‍ය නායකයකු පත් කර ගැනීමේ අවස්ථාව එළැඹී ඇති බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික හරිනි අමරසූරිය පවසනවා.

අද (06) ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ 2024 ජනාධිපතිවරණය සඳහා වන ඇප තැන්පත් කරමින් ඇය එසේ ප්‍රකාශ කළා.

තව දින 48 ක් වැනි කාලයක් තුළ ජනතාව නියෝජනය කරන මේ රට අවශ්‍ය තැනට ඔසවා තැබිය හැකි ඒ නායකයා තෝරා පත් කර ගැනීමට අවස්ථාව හිමි වන බවත් ඇය කියා සිටියා.

සිය පක්ෂය අවුරුදු ගණනක් බලා සිටියේත් වැඩ කළේ එම අවස්ථාව උදා වන තුරු බවත් ඇය පැවසුවා.

Latest News

More like this

ආධාර හරියට බෙදනවාදැයි නිරීක්ෂණයට සජිත්ගෙන් ආපදා තොරතුරු කේන්ද්‍රයක්

දිට්වා සුළි කුණාටුව නිසා අපදාවට පත් ජනතාව සම්බන්ධයෙන් තොරතුරු...

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...