නංගි පෙන්නලා අක්කා දුන්නා වගේ.. නාමල් පෝරු මස්තකාරූඩ වෙයි ද?

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස එම පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පත් කෙරෙනු ඇතැයි පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග මේ වන විට පවසනවා.

එම ආරංචි මාර්ග පවසන ආකාරයට අපේක්ෂක ලෙස ඉදිරිපත්වීමට නාමල් රාජපක්ෂ මහතා කැමැත්ත පළකර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ජනාධිපති අපේක්ෂකයා හෙට (07) දිනයේ නම් කිරීමට සූදානමින් සිටි අතර ඔවුන්ගේ අපේක්ෂකයා ලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරා පත් කරනු ඇති බවයි මීට පෙර සඳහන් කළේ.

කෙසේ වෙතත් ධම්මික පෙරේරා මහතා පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් වෙත ලිපියක්‍ යොමු කරමින් පෞද්ගලික හේතුවක් මත තමාට අපේක්ෂකත්වය භාර ගත නොහැකි බව පවසා ඇතැයි වාර්තා වෙනවා.

මේ පිළිබඳ අදහස් දක්වමින් රාජපක්ෂ පවුලේ සමීපතමයකු වන හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග හෙට (07) උදේ 7.00ට නාමල ජනාධිපති අපේක්ෂකත්වයට පත් කිරීමට සූදානම් වන බව ද ප්‍රකාශ කර තිබෙනවා.

Latest News

More like this

දිට්වා ගැන ඉන්දීය කාලගුණ අංශ පූර්ව අනතුරු ඇඟවුම් කළ බව ජ්‍යාත්‍යන්තර මාධ්‍ය රැසක් තහවුරු කරයි

දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ කාලගුණ අංශ මෙන්ම...

විපතක දී ඉතිහාසයේ ගෙවූ දැවැන්තම වන්දිය ජනපති අනුරගෙන්

ස්වභාවික ආපදාවකදී මෙතෙක් ඉතිහාසයේ රජයක් ලබා දුන් දැවැන්තම වන්දි...

හෙලිකොප්ටරයෙන් ගොඩ බැස්සේ 2029 පොදු අපේක්ක්ෂයා ද?

ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන 'දිනේෂ් මුතුගල සර්' ආපදාවන්ට ලක්...

දහස් ගණනකගේ කුසගිනි නිවූ විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය..

විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය කියන්නේ රටම ආපදාවට පත් වුණාට පස්සේ...