බංගලාදේශයේ නව නායකයා නොබෙල් ත්‍යාගලාභී ‘මුහම්මද් යූනස්’

නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනස් බංග්ලාදේශයේ අන්තර්වාර රජයේ නායකත්වයට පත් කර තිබෙනවා.

එම තීරණය ගනු ලැබුවේ වෙනස් කොට සැලකීමට එරෙහි ශිෂ්‍ය ව්‍යාපාරය නව අන්තර්වාර රජයේ නායකත්වයට ඔහුගේ නම යෝජනා කිරීමෙන් පසුවයි.

ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන් තීරණාත්මක ආරක්ෂක රැස්වීමකින් පසුව මෙම තීරණය ගත් බවයි වාර්තා වන්නේ.

හිටපු අගමැතිනි ෂෙයික් හසීනා ඉල්ලා අස්වී ඉන්දියාවට පලා යාමත් සමඟ අන්තර් වාර ආණ්ඩුවක් පත් කිරීමට යෝජනා වූ අතර සිසු සංවිධාන හමුදා පාලනයකට දැඩිලෙස එරෙහි වුණා.

යූනස් නායකත්වයෙන් යුත් රජයේ අනෙකුත් සාමාජිකයින් පිළිබඳ දේශපාලන පක්ෂ සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කර ඉක්මනින් තීරණය කරනු ඇති බව සඳහන්.

ශිෂ්‍ය නායකයින්, රටේ ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් සහ සිවිල් සමාජ සාමාජිකයින් මෙන්ම ව්‍යාපාරික ප්‍රධානීන් සමඟ අඟහරුවාදා (06) පැය පහක් ඉක්මවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලැබූ අතර යූනස් වෙත නව නායකත්වය ලබා දීමට එහි දී එකඟතාවය ඇති වුණා.

ඒ සමඟ මේ වන විට පැරීසියේ සිටින යූනස් ඉක්මණින් බංගලාදේශය වෙත පැමිණෙනු ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර සිටියා.

මුහම්මද් යූනස් බංග්ලාදේශයේ දුප්පතුන්ගේ බැංකුකරුවා ලෙස හඳුන්වයි.

84-හැවිරිදි නායකයා මිලියන ගණනක් දරිද්‍රතාවයෙන් මුදා ගැනීම, නෙරපා හරින ලද හසීනාගේ සතුරුකම් මෙන්ම මිලියන සංඛ්‍යාත බංග්ලාදේශ ජාතිකයින්ගේ පුළුල් ගෞරවය දිනා ගැනීම සම්බන්ධයෙන් සිසු ප්‍රජාව ඇතුළු සියලු දෙනා අතර ගෞරවයට පාත්‍ර වූවෙකි.

Latest News

More like this

දිට්වා ගැන ඉන්දීය කාලගුණ අංශ පූර්ව අනතුරු ඇඟවුම් කළ බව ජ්‍යාත්‍යන්තර මාධ්‍ය රැසක් තහවුරු කරයි

දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ කාලගුණ අංශ මෙන්ම...

විපතක දී ඉතිහාසයේ ගෙවූ දැවැන්තම වන්දිය ජනපති අනුරගෙන්

ස්වභාවික ආපදාවකදී මෙතෙක් ඉතිහාසයේ රජයක් ලබා දුන් දැවැන්තම වන්දි...

හෙලිකොප්ටරයෙන් ගොඩ බැස්සේ 2029 පොදු අපේක්ක්ෂයා ද?

ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන 'දිනේෂ් මුතුගල සර්' ආපදාවන්ට ලක්...

දහස් ගණනකගේ කුසගිනි නිවූ විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය..

විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය කියන්නේ රටම ආපදාවට පත් වුණාට පස්සේ...