මැතිවරණය මැද්දේ විශ්‍රාමිකයන්ට 3000 ක් වැඩි කරනවාට මැතිවරණ කොමිසම හරස් වෙයි

මැතිවරණ කොමිසමේ නියෝගය නොතකා රජයේ විශ්‍රාමිකයන්ට රුපියල් තුන්දහසක අන්තර්කාලීන දීමනාව සැප්තැම්බර් මස සිට ගෙවන ලෙස සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට චක්‍රලේඛයක් නිකුත් කර වැරදි පූර්වාදර්ශයක් ලබා දීම සම්බන්ධයෙන් මෙම 12 වැනිදාට පෙර පැහැදිලි කිරීමක් සිදු කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතාට ඊයේ (08) ලිපියකින් දැනුම් දී තිබෙනවා.

මැතිවරණ නීතිය ක්‍රියාත්මක වන සමයක රජයේ විශ්‍රාමිකයන්ට රුපියල් තුන්දහසක අතුරු දීමනාවක් ගෙවීම නුසුදුසු බැවින් එම ගෙවීම ඔක්තෝබර් මස දක්වා කල් තබන ලෙස මැතිවරණ කොමිසමේ පැවැති අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ රැස්වීමකදී දැනුම් දෙනු ලැබුවා.

එම උපදෙස්වලට පටහැනිව එම දීමනාව සැප්තැම්බර් මාසයේ සිටම ගෙවන ලෙස පළාත් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශයේ ලේකම්වරයා චක්‍රලේඛයක් මඟින් සියලු අමාත්‍යාංශවල ලේකම්වරුන්ට උපදෙස් ලබා දීමෙන් සියලු රජයේ සේවකයන්ට වැරදි පූර්වාදර්ශයක් ලබා දී ඇති බවත් එම ලිපියේ සඳහන් දැක්වෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ආ(4)(අ) අනුව්‍යවස්ථාව අනුව ඡන්ද විමසීම පැවැත්වෙන කාල සීමාව තුළදී රජයට අයත් මොනයම් හෝ දේපළක් යම් දේශපාලන පක්ෂයක් හෝ අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීමට භාවිත කිරීම තහනම් කිරීමේ බලය මැතිවරණ කොමිසම සතු බව සඳහන් කරන අතර (ආ) අනුව්‍යවස්ථාව අනුව ඒ හා සම්බන්ධ නියමයන් ක්‍රියාත්මක කිරීමට රජය සතු දේපළ භාරව සිටින සියලු නිලධාරීන් බැඳී සිටින බවත් ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!