මැතිවරණ කොමිෂන් සභා වෙබ් අඩවියේ හොර කොෆියක්

මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) ද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ඉංජිනේරු චරුක දමුණුපොළ තහවුරු කර තිබෙනවා.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලය ඊයේ (09) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළා.

අදාළ කාලසීමාව අගෝස්තු 7 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබුණද, තැපැල් ප්‍රමාදයන් සහ කොමිෂන් සභාව වෙත කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කිරීමට පියවර ගෙන තිබුණා.

Latest News

error: Content is protected !!