කඩා වැටුණු බ්‍රසීල ගුවන් යානයේ සිටි 62 දෙනාම ජීවිතක්ෂයට.. බ්‍රසීලයට දින තුනක ශෝක කාලයක්

බ්‍රසීලයේ සාඕ පවුලෝ (Sao Paulo) ප්‍රාන්තයේදී ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි පුද්ගලයන් 62 දෙනාම ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

දේශීය ගුවන් සේවයක් වන Voepass වෙත අයත් යානය Guarulhos ගුවන් තොටුපළ දක්වා පියාසර කරමින් සිටියදී වින්හේදෝ (Vinhedo) නගරයට කඩා වැටුණා.

සමාජ මාධ්‍යවල සංසරණය වන දර්ශනවල ගුවන් යානය සිරස් අතට කැරකෙවෙමින් කඩාගෙන වැටෙන ආකාරය සටහන් වී තිබෙනවා.

ATR 72-500 යානයේ මගීන් 58 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ හතර දෙනෙකු සිට ඇති බවයි ගුවන් සමාගම පවසන්නේ.

අනතුරෙන් දිවි ගලවා ගත් කිසිවකු වාර්තා වී නැහැ.

බ්‍රසීලයේ ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) විපතට පත් වූවන්ගේ පවුල් සහ හිතමිතුරන් වෙත ශෝකය පළ කල බව වාර්තා වෙනවා.

ජනාධිපතිවරයා විසින් රට තුළ තෙදින ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බව ද සඳහන්.

Latest News

More like this

රජයේ වෛද්‍යවරුන්ගෙන් අද සිට පිටින් බේත් ගන්න තුණ්ඩු නෑ

දිවයින පුරා සියලු‍ රෝහල්වල වෛද්‍යවරුන් පිටතින් ඖෂධ ගැනීම සඳහා...

ආරුගම්බේදී විදෙස් කතට අතවර කළ සැකකරු අත්අඩංගුවට

ආරුගම්බෙ ප්‍රදේශයේදී විදේශීය කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන්...

ගුරුවරියක් ලබා දුන් දඬුවමක් නිසා සිසුවියක් ජීවිතක්ෂයට !

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පල්ගාර්හි පෞද්ගලික පාසලක 6 වන ශ්‍රේණියේ...

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...