ශ්‍රී ලංකා පන්නයේ විරෝධතාවෙන් පසු බංගලාදේශ‍ මහ බැංකු අධිපති හා අගවිනිසුරු ඉල්ලා අස්වේ

ෂෙයික් හසීනාගේ ආණ්ඩුව නෙරපා හැරීමෙන් දින කිහිපයකට පසු උද්ගත වූ ආර්ථික හා පරිපාලනමය කැලඹීම මධ්‍යයේ බංග්ලාදේශ බැංකු අධිපති අබ්දුර් රූෆ් තලුක්දර් සහ අගවිනිසුරු ඔබයිදුල් හසන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වෙනවා.

බංගලාදේශයේ නව අන්තර්වාර ආණ්ඩුවේ මූල්‍ය උපදේශක සලේහුදීන් අහමඩ් පැවසුවේ සිකුරාදා තලුක්ඩර් ඉවත් වූ බවයි.

ඔහුගේ නිල කාලය අවසන් වීමට වසර දෙකකට පෙර ඔහු ඉවත්ව ගිය බවයි ඔහු සඳහන් කළේ.

කෙසේ වෙතත් තනතුරේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් ඔහුගේ ඉල්ලා අස්වීම තවමත් පිළිගෙන නොමැති බව සලේහුදීන් අහමඩ් පවසා තිබෙනවා.

දින කිහිපයකට පෙර මහ බැංකු සේවකයින් 300 ත් 400ත් අතර පිරිසක් නියෝජ්‍ය අධිපතිවරුන් හතර දෙනෙකුට ඉල්ලා අස්වීමට බල කරමින් ඔවුන්ගේ කාර්යාලවලට කඩා වැදී තිබුණා.

Latest News

More like this

පරිස්සමෙන්.. ගංවතුරට අහුවුණ සහල් වෙළඳපොළට බෙදාහරින ජාවාරමක්

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශයේ ගංවතුරෙන් හානි වූ පරිභෝජනයට නුසුදුසු...

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...