සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේගේ සහාය සජිත්ට

ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා.

අද (11) පෙරවරුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව ප්‍රකාශ කර සිටියා.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින කණ්ඩායම් දෙස බලන විට රටට වැඩක් කිරීමට හැකි නායකත්වයක් සහ හොඳ කණ්ඩායම සජිත් ප්‍රේමදාස මහතාගේ කණ්ඩායම බව තමන් විශ්වාස කරන බව ඇය මාධ්‍ය හමුවේ වැඩිදුරටත් සඳහන් කළා.

Latest News

error: Content is protected !!