එළැඹෙන ජනාධිපතිවරනයේ දී කිසිදු දේශපාලන පක්ෂ හෝ ස්වාධීන අපේක්ෂයකු වෙත සහයෝගය නොදක්වා සිටීමට හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය තීරණය කර තිබෙනවා.
ඇය මේ බව අනාවරණය කරනු ලැබුවේ අත්තනගල්ල මැතිවරණ බල ප්‍රදේශයේ ක්‍රියාකාරී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් පිරිසක් සමඟ පැවති විශේෂ සාකච්ඡාවක දීය.
ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ සිය ස්ථාවරය අත්තනගල්ල කොට්ඨාශයේ ක්‍රියාකාරී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් දැනුම්වත් කිරීම සඳහා හිටපු ජනාධිපතිවරිනිය ක්‍රියාකාරීන් පිරිසක් කැඳවා මෙම තීරණය දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ.
එහි දී ඇතැම් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබා දෙමු යැයි යෝජනා කර තිබෙනවා.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඒ පිළිබඳ අදහස් දක්වමින් මෙවර ජනාධිවරණයේ දී තමා කිසිදු අපේක්ෂකයකුට සහයෝගය ලබා නොදෙන බවත් ශ්‍රී ලාංකික නිදහස් පාක්ෂිකයන්ට කැමති අපේක්ෂකයකු වෙත සහයෝගය ලබා දිය හැකි බවත් ඒ පිළිබඳ තමාගේ කිසිදු විරෝධයක් නොමැති බව ද මෙහි දී සඳහන් කර තිබෙනවා.