රාජිත නිල වශයෙන්ම රනිල්ට එකතු වීම හෙට

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි දොස්තර රාජිත සේනාරත්න හෙට (13 වැනිදා) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය පළකරමින් ආණ්ඩුවට එකතු වීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන උත්සවයකදී මන්ත්‍රිවරයා ජනාධිපතිවරයාට සහයෝගය පළකරමින් ආණ්ඩුවට එකතු වීමට සැලසුම් කර ඇති බවයි එම ආරංචි මාර්ග පවසන්නේ.

සිය පාක්ෂියන් ඇතුළු ක්‍රියාකාරීන් පිරිසක් කලුතර හෝටලයකට ගෙන්වා මේ පිළිබඳ විමසීමක් සිදුකර ඇති බව ද වාර්තා වෙනවා.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආර්ථිකය ගොඩනැගූ ආකාරය පිළිබඳව මන්ත්‍රිවරයා කරුණු දක්වා ඇතැයි සඳහන්.

Latest News

More like this

ට්‍රම්ප්ට ඩිමෙන්ෂියා ද?

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා FIFA Club ලෝක...

යුක්‍රේනයට මොස්කව් ඉලක්ක කිරීමට ඉඩ දෙන්නේ නැහැ… ට්‍රම්ප්කියයි

යුක්‍රේනය මොස්කව් ඉලක්ක නොකළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ඇසළ පෙරහරේ ආසන රු 65,000ට නගී

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ නැරඹුම් ආසන ටිකට්පත් රුපියල් 50,000ත්...

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...
error: Content is protected !!