සජිත්ගේ විජයමුණි රනිල්ට

සමගි ජන බලවේගයේ කටාන ආසනයේ සංවිධායකවරයා ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කර තිබෙනවා.

ඔහු අද (12) පස්වරුවේ ජනාධිපති වික්‍රමසිංහ මහතා හමුවී සිය සහයෝගය නිල වශයෙන් ප්‍රකාශ කළා.

ඵලදායි දේශපාලනයක් සඳහා ස්ථාවර රටක් අවශ්‍ය බව අවධාරණය කළ ඔහු, මේ වන විට ජාතිය දියුණු වෙමින් පවතින්නේ ජනාධිපති වික්‍රමසිංහ මහතාගේ ආර්ථික සහ දේශපාලන උපාය මාර්ග යටතේ බව සඳහන් කර සිටියා.

එමෙන්ම රටට තිරසාර ප්‍රගතියක් අත්කර ගත හැක්කේ මෙම වැඩපිළිවෙළ තුළින් පමණක් බවට ඔහු විශ්වාසය පළ කරයි.

එබැවින් තම පාක්ෂිකයින්ගේ සහයෝගය ඇතිව ඉදිරි මැතිවරණයේදී ජනාධිපති වික්‍රමසිංහ මහතාට සහය දක්වන බවයි ඔහු පැවසුවේ.

මෙම රැස්වීමට අමාත්‍ය ප්‍රසන්න රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක යන මහත්වරු ද සහභාගි වුණා.

Latest News

More like this

අයවැයට පක්ෂව ඡන්දය දුන් විපක්ෂ මන්ත්‍රිනියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

කොළඹ මහ නගර සභාවේ අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළ...

කොළඹ අයවැය දෙවැනි වර කියවීමෙන් බල්තසාර්ට ජය

ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහ නගර සභාවේ...

ඩලස් නත්තල් තෑගි ඉල්ලා ට්‍රම්ප්ට ලිපියක් යවලා..

ශ්‍රී ලංකාවේ ආනයන සඳහා දැනට පවතින තීරුබදු මට්ටම 2026...

එජාබ සජබ යළි එක් කිරීමේ මෙහෙයුම සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළි ඒකාබද්ධ...