80 දශකයේ ප්‍රසිද්ධ නිරූපිකාවක් වූ ඔටාරාගේ විලාසිතා

ව්‍යවසායිකාවක් සත්ත්ව සුබසාධන උපදේශිකාවක් හා සමාජ සේවිකාවක් වන ඔටාරා ගුණවර්ධන අසූව දශකයේ දී වඩාත් ජනප්‍රිය වූයේ නිරූපන ක්ෂේත්‍රයෙනි.

ඇය ODEL, Embark සහ Otara පදනමේ නිර්මාතෘවරිය වන අතර නිරූපන ශිල්පිනියක් ලෙස ඇගේ අතීත මතකයන් ෆේස්බුක් වෙත එක් කර තිබුණේ ඊට සටහනක් ද එක් කරමින්.

ඇය එකල ප්‍රසිද්ධ සන්නාම ප්‍රවර්ධනය කරමින් නිරූපන ශිල්පිනියක ලෙස කටයුතු කළ ආකාරය පිළිබඳ එහි මතක ආවර්ජනයක් කර ඇත්තේ මෙසේය.

“නිරූපණය ආරම්භ වූයේ මට වයස අවුරුදු 17 දීය. මගේ පළමු ‘කැට්වෝක්’ ගමන වූයේ නිර්මාණ ශිල්පිනී නයනතාරා ෆොන්සේකා වෙනුවෙන්ය.

ඉන්පසු බොහෝ නිර්මාණකරුවන් සඳහා නිරූපිකාවක් ලෙස, වෙළඳ නාම මෙන්ම එකල විශාල සමාගම් වූ පූගොඩ සහ තුල්ටෙක්ස් රෙදිපිළි, විලාසිතා සංදර්ශන සහ සමහර රූපවාහිනී වෙළඳ දැන්වීම් සඳහා මෙන්ම විදේශ සංචාරවලට සහභාගී වීමට හැකියාව ලැබුණා.

අසූව දශකය යනු විශාල විලාසිතා සංදර්ශන සහ විශාල දැන්වීම් ප්‍රචාරණයද විශාල වශයෙන් පැවති වකවානුවකි.

එය මගේ ජීවිතයේ වඩාත්ම විනෝදජනක හා උද්යෝගිමත් කාලයන්ගෙන් එකක්.”

Latest News

More like this

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...

තියුණු ආයුධයකින් පහරදී දැරියක් ඝාතනය කරලා !

ගම්පොල පොලිස් වසමේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට...

ළමා අපයෝජන ගැබ් ගැනීම් ඉහළට

ළමා ලිංගික අපයෝජන සහ ළමා ගැබ් ගැනීම් ඉහළ අගයක්...

ඇමෙරිකාවට ශාප වූ ශතයේ කාසිය !

ඇමෙරිකාව තුළ වසර 238 ක කාලයක් සංසරණය වූ කාසියක්...